මහින්ද සමරසිංහට මාලිමා ආණ්ඩුවේ ඉහළම තනතුරක් ?? ජාත්‍යන්තර බුද්ධි අංශත් විමසිල්ලෙන් !

Date:

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් දැනට සේවය කරන මහින්ද සමරසිංහ මහතාට ආණ්ඩුවේ ඉහළම තනතුරක් ලබාදීම සඳහා සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතළ අවදානමක්ව පැවති, ඇමරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් මහතා විසින් පනවන ලද නව තීරුබදු ප්‍රතිශතය අඩුකර ගැනීම සඳහා මහින්ද සමරසිංහ මහතා ලබාදුන් සුවිශේෂී දායකත්වය පදනම් කරගනිමිනි.

මෙම තීරුබදු මුලින්ම ප්‍රකාශයට පත්වුණු අවස්ථාවේදී ශ්‍රී ලාංකික භාණ්ඩ සඳහා 44%ක බද්දක් පනවන බව ඇමරිකානු ජනාධිපතිවරයා විසින් නිවේදනය කරන ලද අතර පසුව එය 30% දක්වාත් අවසානයේ 20% දක්වාත් අඩුකර ගැනීමට ශ්‍රී ලංකාවේ සාකච්ඡා කණ්ඩායම සමත්ව තිබිණි. එහිදී මහින්ද සමරසිංහ මහතා තීරණාත්මක භූමිකාවක් ඉටුකර ඇති බව සඳහන්.

ඒ අනුව, හිටපු අමාත්‍යවරයකු වන ඔහුව ජාතික ලැයිස්තුවෙන් නැවතත් පාර්ලිමේන්තුවට පත්කරගෙන ආණ්ඩුවේ ඉහළම තනතුරක් ලබාදීමට සාකච්ඡාවක් පැවැත්වෙමින් ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

එමෙන්ම මෙම සාකච්ඡාව පිළිබඳව ජාත්‍යන්තර බුද්ධි අංශවල ද අවධානය දැඩිව යොමුව ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපට චීනයට විකිණිය හැක්කේ මොනවාද ?

පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක...

ලොහාන්ගේ අවසන් කටයුතු ඉරිදා මහනුවරදී

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අගෝස්තු...

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...