තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

Date:

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල් අධ්‍යාපන ක්‍රමය මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමියා වන අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ට ඒ සඳහා ජපානයේ දී උසස් අධ්‍යාපනය ලබා දී,1979 දී මෙරට ජපන් සම්ප්‍රදායේ ප්‍රථම පෙරපාසල වන සපුගස්කන්දේ යොෂීඩා ෂෝකන්ජි පෙර පාසල ආරම්භ කිරීමට මුල් වූ ජපානයේ තකිකෝ යෝෂිඩා මැතිනියගේ 117 ජන්ම දින සමරුව පසුගියදා (16) ජපානයේ සවරා ලංකා ජී විහාරයේ දී සහ සපුගස්කන්ද අබේසේකරාරාම විහාරයේ දී පැවැත්වුණි.

යොෂීඩා ජාත්‍යන්තර පාස‍ලේ සහ යොෂීඩා පෙර පාසලේ දරුවන් සහ දෙමව්පියන්ගේ සහභාගීත්වයෙන් මෙරට එම ජන්ම සමරු පින්කම පැවති අතර,ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජපානයේ එම ජන්ම සමරු පුණ්‍ය මහෝත්සවය ලංකා ජී විහාරයේ දී පැවැත් වුණි.

මෙරට ජපන් සම්ප්‍රදායේ පෙරපාසල් රැසක් ආරම්භ කිරීමට සහ දුෂ්කර ගම්මාන රැසක් සංවර්ධනය කිරීමට ජපාන දානපතියන් සමඟ එක්ව සහයෝගය ලබාදුන් තකිකෝ යෝෂිඩා මැතිණියට ශ්‍රී ලංකා රංජන ජනාධිපති සම්මානය 1991 දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් පිරිනමන ලදී.

එම සම්මානය ලද ප්‍රථම සහ එකම විදේශීය කාන්තාව යොෂීඩා මැතිණිය වේ. 1908 දී උපත ලද යොෂීඩා මැතිනිය වසර 2000 දී අභාවප්‍රාප්ත වූවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩාවේදී හැමෝම සමානයි – ඔලිම්පික් සභාපතිනිය කියයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW: "අපි සියලු හඬවල්වලට සවන්...

නාමල්ලාගේ “මහා ජන හඬ” ආණ්ඩු විරෝධී රැලිය අද නුගේගොඩදී

සටහන - රුවන් නෙළුගොල්ල දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව සංවිධානය කරන...

පුටුවත් නැතුව අටුවත් නැති වෙයිද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW: කටාර් හී පැවත්වෙන ආසියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 21) දිනයේදී උතුරු, උතුරු-මැද...