දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW :

පාවෙන අවි ගබඩාවක් රුවන් ප්‍රනාන්දු නැමැත්තෙකුට දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර,

“පහුගිය කාලෙ මැරෙන්න හැදුවා පාවෙන අවි ගබඩාවක් දුන්නා කියලා නිශ්ශංක සේනාධිපතිට. අද රුවන් ප්‍රනාන්දු කියන පුද්ගලයකුට පාවෙන අවි ගබඩාවක් දීලා තියෙනවා.දැන් මේ රුවන් ප්‍රනාන්දු කවුද කියලා බලනකොට ඇත්තටම ඔහු එකොන් ජාත්‍යාන්තර ගුවන් තොටුපොළ හැදීමට ටෙන්ඩර් එක බාරගත්තා සුඩාන්වල. එතැනින් පස්සෙ ඒ ක්‍රියාදාමය ගැන විශාල ප්‍රශ්න ගණනාවක් ආවා.

එතැනින් පස්සෙ අපි දැක්කා ඔවුන් දිගටම මේ ක්‍රියාවලිය යනකොට තෙල් සම්බන්ධව එතුමාගේ කම්පැණි එකක් මැදිහත් වෙලා තියෙනවා. වුන්කොක් ඉන් විශේෂයෙන්ම වුන්කොක් ඉන්ජිනියර්ස් ඇන්ඩ් මොඩර්න් කන්ට්‍රැක්ටර්ස් කම්පැනියට තමයි මෙතුමා තාක්ෂණික පහසුකම් සපයන්න පහසුකම් දුන්නෙ.ඊළඟට බොරතෙල් විකිණීම සම්බන්ධවත් මෙතුමා මැදිහත් වෙලා තියෙනවා.විශේෂයෙන් දකුණු සුඩානයේ බොරතෙල් සම්බන්ධයෙන් තියෙනවා ප්‍රශ්නයක් පහුගිය කාලෙ .එකක් නෙවෙයි මෙතන සම්බන්ධතා ගොඩක් තියෙනවා.පහුගිය කාලෙ රජය කිවුවා බලශක්ති ඇමතිවරයා අපේ රටට සුඩානයෙන් තෙල් ගන්න පුළුවන් කියලා.දැන් දකුණු සුඩානයේ තෙල් සම්බන්ධව ප්‍රශ්නයක් තිබෙනවා.දකුණු සුඩානයේ ඇතිවූ තත්වයන්ට මේ රුවන් ප්‍රනාන්දුගෙ සම්බන්ධයක් තිබෙනවා.

විශේෂයෙන්ම තෙල් පිළිබඳව ගනුදෙනු කිරීම සදහා. ඒවා ලෙබනනයට ඩුබායිවලට සෝමාලියාවට ඇරලා තමයි කලු සල්ලි සුදු කරන්නෙ මොකද දකුණු සුඩානයට සම්බාධක පනවා තිබෙනවා.මේ නිසා ඔහු එයින් ඉවත්වෙලා ලංකාවට ආවා.දැන් ඔහු ඔබලාගෙ ආණ්ඩුවේ හිල්ටන් එකේ අධ්‍යක්ෂවරයෙක්.

ඒ වගේම මම කිවුව පාවෙන අවිගබඩාවකට බලපත්‍රය ඔහුට ලබාදීලා තියෙනවා.2024..11.4 තමයි මේක අත්සන් කරලා තියෙන්නෙ ආරක්ෂක ලේකම්.ඒ වගේම මම කියන්න කැමතියි මේ සම්බන්ධතා සියල්ල හදන්නෙ අතිගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් මුදිත නානායක්කාර මැතිතුමා.එතුමාගේ මැතිනිය හර්ෂණී රන්දිලිගම වැඩ කරන්නෙ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරියක ලෙස. තමුන්නාන්සේලා පවුල්වාදය ගැන කතා කලා නැත්තම් යාළු මිත්‍රකම් වලට තනතුරු දෙන්නෙ නෑ කිවුවා.නමුත් අද ඔවුන් මිත්‍රකම් වලට පවුල් වලට සලකමින් තනතුරු දෙමින් ඉන්නවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?