දේශීය dio ගොවියන්ට වෙච්ච දේ දේශීය alto ගොවියන්ටත් ළඟදීම වෙන ලකුණු ….?

Honda ලා දේශීය dio ගොයියන්ට කෙළවලාම දැම්මා වගේ, Browns එකෙන් ගෙන්නන BAW එකෙන් දේශීය alto ගොයියන්ට බඩේ පාර දෙයි වගේ. දැන් රියසෙවනෙ තියෙන විදියට 2015 ගෙනාපු අවුරුදු 10ක් පට්ට ගහපු Alto වල ගණන් තියෙන්නෙ ලක්ෂ 38න් උඩ. සමහර ඒවා 40ත් පැනලා.

ඉතින් ඕකක් ගන්නෙ නැතුව ලක්ෂ 45ට අලුත් බව්වෙක් ගන්න මිනිස්සු සෙට් වෙයිනෙ. කියන විදියට මේකනෙ අඩුවටම තියෙන වාහනේ. ඒ නිසා දේශිය alto ගොවියන්ට ඔය වාහන විකුණගන්නම ඕන නම් ලක්ෂ 33න් වත් පල්ලෙහාට ගේන්නම වෙනවා. කවුද අනේ පට්ට ගහපු ඇල්ටො මේ ගණන්වලට ගන්නෙ.

ලබන මාසෙ වෙද්දි මේ ලක්ෂ 45 වාහනේ ලංකාවට එයිනෙ. තව සති දෙක තුනක් දේශීය පොඩි වාහන ගොවියන්ට චූන් වෙන්න පුළුවන්. ඊට පස්සෙ පරණ dio ගොවි මහතුන්ට වෙච්ච දේ තමා මේ මහත්වරුන්ටත් වෙන්නෙ.

ඉෂාර නානායක්කාරලත් වාහන 5,000ක් – 6,000ක් විකුණලා ලාබෙ අරගෙන අතපිහගන්න business කරන්නෙ නෑනෙ. පාට්ස් විකුණ විකුණ, repair, service වලින් එහෙමත් වාහනේ පණ ගැහෙනකම්ම හම්බකරන කරන අයනෙ මේ පුතියලා. හොද වොරන්ටි එකක් දීගන්න පුළුවන් උනොත් මාකට් එක ඇල්ලුවැහැකි.

එතකොට දේශීය පොඩි වාහන ගොවියන්ට අස්වැසුමවත් හදාගන්න වෙනවා. විකුණගන්න එකක් දැන්ම ගාණ අඩු කරල විකුණගත්තොත් තමයි ….

~ යමිල් තිසර (Facebook)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...