යූටියුබ් සුදා හෙවත් සුදත්ත තිලකසිරි ප්‍රසිද්ධියේම කියපු අනාවැකියක් ඊයේ (22) රාත්‍රියේත් සුළු වෙනස්කමක් සහිතව සැබෑ වුණා. ඒ තමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ අත් අඩංගුවට ගැනෙනා බවත් ඔහු දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන බවටත් ඔහු කියපු අනාවැකිය.
ඇත්තටම රනිල්ව ඊයේ රිමාන්ඩ් කෙරුණේ දින 14කට නෙවෙයි දින 04කට. ඒත් 26 වෙනිදා රනිල්ට ඇප හම්බවෙයිද, නැද්ද කියන එක අපි දන්නේ නැති නිසා සුදාගෙ අනාවැකිය පොඩ්ඩක් මිස්වෙලා කියලා අපට දැන්ම කියන්න බෑ. මොකද, රනිල්ව රිමාඩ්න් කරන්න අධිකරණය තීන්දු කළේ සාමාන්‍ය නඩුවකදී සිද්ධ වෙන ආකාරයෙන් ක්ෂණිකව නෙවෙයිනෙ. පැය පහක් – හයක් විතර කාලයක් ඒ තීන්දුව දෙන්න ගතවුණා. ඉතින් ඒ පැය ගාණ ඇතුළත සියලුම නීතිමය කාරණා නැවත නැවතත් පරීක්ෂාවට ලක්වෙලා ඇතිය කියලා හිතුවොත් රනිල්ට දවස් 14 නෙවෙයි ඊට වැඩිය වුණත් ඇතුළේ ඉන්න වෙන්නත් පුළුවන්. ඒ ගැන වුණත් හරියටම කියනවා නම් කියන්න පුළුවන් වෙනවා ඇත්තේ සුදාටම තමයි.
සුදත්ත තිලකසිරි හෙවත් සුදා කියන්නේ රංගන ශිල්පියෙක්. ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන කැම්පේන් එකෙත් බැහැලාම වැඩකරපු කෙනෙක්. පස්සෙ කාලෙක ඔය දැන් ඉන්න බොහෝ මාලිමාවුන් වගේම ඔහුත් මාලිමා කැම්පේන් එකට බැහැලාම වැඩ කළා. ඇත්තටම සුදත්ත යූටියුබ් හරහා කරපු මාලිමා කැම්පේන් එක රටේ ජනමතය වෙනස් කරන්න සෑහෙන බලපෑමක් කළාය කියන්නත් පුළුවන්. මිනිස්සු මොනවා කිව්වත් සුදාගෙ කැම්පේන් එක සාර්ථක වුණා. ජනාධිපතිවරණයට අවුරුද්දකටත් කලින් ඉඳන් සුදා කිව්ව අනාවැකි සැබෑ වුණා අන්තිමේ.
ඒ වගේම සුදා ප්‍රසිද්ධියේම පාරම්බාන විදියටම ඔහු මේ රටේ ප්රබලතම දේශපාලනඥයින්ගේ සමීප මිතුරෙක්. එක කෝල් එකෙන් ඕනෙම ප්‍රබලයෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් පොරක්. ඒක ඔහු ප්‍රසිද්ධියේම කරල පෙන්නලාත් තියෙනවා. පහුගිය කාලෙ සුදාට විශේෂ පොලිස් ආරක්ෂාවක් පවා මොනයම් හෝ හේතුවක් මත ලැබිලා තිබුණා. ඉතින් සුදා කියන්නෙ ලේසි පහසු කෙනෙක් නෙවෙයි කොහොමත්.
රනිල්ගේ සිද්ධිය ගත්තොත් සුදා ඒක කොහොම කිව්වාද කියන එක ගැන එක එක්කෙනාට එක එක විදියට දකින්න පුළුවන්. සුදා කලින්ම මේක දැනගෙන තමයි කිව්වේ කියලා කෙනෙකුට කියන්න පුළුවන්, සුදා නිකම් අනුමාන කරලා කිව්වේ කියලා තව කෙනෙකුට කියන්න පුළුවන්, සුදා ඔහේ කටට ආපු එකක් කිව්වේ කියලා තවත් කෙනෙකුට කියන්නත් පුළුවන්. නමුත් ඔය එකක්වත් වැඩක් නෑ. සුදාගෙ කතාව ගැන දැන් CID එකට පැමිණිල්ලකුත් දාලා තියෙනවා, නමුත් ඒකෙනුත් කිසිම වැඩක් වෙන එකක් නෑ. මොකද ඕක නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කරන්න මොනම පදනමක්වත් නැති හින්දා.
කෙසේවෙතත් ඕනෙම රටක දේශපාලන පොරවල් වගේම සෘජුවම දේශපාලකයින් නොවෙන නමුත් දේශපාලනයට පිටින් ඉඳන් පොරවල් වෙන අමුතු පොරවලුත් ඉන්නවා. ලංකාවේ මීට කලින් ආණ්ඩු පාලන කාලවලදීත් එහෙම පොරවල් ඉඳලා තියෙනවා. මේ ආණ්ඩුවෙ පාලනය තුළත් එහෙම පොරවල්, පොරියෝ ගැන විවිධ කතා පැතිරෙමිනුත් තියෙනවා. ඕවා ගැන කතා කරන එක අපේ සෞඛ්‍යයට අගුණ වෙන්නත් පුළුවන්. ඒ වුණත් දැන් ඉතින් කාටත් පිළිගන්න වෙනවා සුදා කියන්නේ දාර පොරක්.
ඔය ජ්‍යෝතිෂ අනාවැකි කියපු තොටවත්තලා වගේ අයට දැන් රිටයර් වෙන්නත් පුළුවන්. මොකද, අපට දැන් සුදා ඉන්නවා. සුදාගේ නොවරදින අනාවැකිත් එක්ක ඉදිරි වසර කීපය වඩවඩාත් ආතල් වෙන්නත් පුළුවන්, හැබැයි ඉතින් සුදා ලිමිට් එක පැන්නොත් නල්ලමලේ ආතල් එකක් සුදාට ආපිට හම්බුවෙන්නත් බැරි නෑ ….
~ රජිත විරාජ්
