රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW:
මේ වන විට මතුව ඇති හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සම්බන්ධයෙන් කතාබහ ගැන ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුව පවසන්නේ, හියුමන් ඉමියුනොග්ලොබියුලින් වැනි තීරණාත්මක ඖෂධ, සමාගම් හරහා පමණක් නොව සෘජුවම ඒවා නිෂ්පාදිත රටවල්වලින්ම රජය මැදිහත් වී මිලදී ගැනීමට කටයුතු කර ඇති බවයි.
නමුත් , නිසි ක්‍රමවේදයකින් තොරව මෙම ඖෂධය භාවිත කිරීමට කටයුතු කර ඇති බව, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය .
මෙම ඖෂධය භාවිත කිරීම හේතුවෙන් රෝගීන් මියගොස් නොමැති බවට පරික්ෂණවලින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පැවසුවේ මෙම ඖෂධය යළි භාවිතයට අවසර දී ඇත්තේ නිසි පරීක්ෂණයකින් තොරව බවයි.
කෙසේවෙතත් ඖෂධ සම්බන්ධයෙන් වන වංචනික ක්‍රියා මැඩ පැවැත්වීමට ආණ්ඩුව දැන් කටයුතු ආරම්භ කර ඇති බව, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේය.
