හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW:

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සැප්තැම්බර් මස 26 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නොතිසි නිකුත් කළේය.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නොතීසි නිකුත් කිරීම සිදු කරනු ලැබීය.

මේ වනවිට සිංගප්පූරුවේ වාසය කරන බව සඳහන් වන අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඉකුත් වසරේ නොතිසී නිකුත් කර තිබුණත් එම නොසීසි නිසියාකාරව ක්‍රියාත්මක වී නොමැති බව අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව මෙම සැකකරුට ඉංග්‍රීසි භාෂාවෙන් නොතිසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නොතිසි නිකුත් කිරීම සිදුකළ බව සඳහන් වේ .

මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන්නේ, 2015 වසරේ පෙබරවාරි මස 27 වන දා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිදු කළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 10කට අධික වටිනාකමකින් යුත් බැඳුම්කර පර්පචූවල් ට්‍රෙෂරීස් සමාගමට විකිණීම තුළින් රජයට පාඩු සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ අර්ජුන් මහේන්ද්‍රන් මහතාට විරුද්ධවයි .  

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චන්දන සූරියආරච්චි ඇප මත මුදාහරියි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ජාතික ජන බලවේගයේ...

ලොව ප්‍රථම ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රකාශ ඔරලෝසුව චීනයෙන්!

කොළඹ LNW:ලෝකයේ පළමු ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රකාශ ඔරලෝසුව නිර්මාණය කිරීමට...

ආණ්ඩුවේ අතුරේ ගමන!

උපාලි කොළඹගේකොළඹ LNW:මේ ආණ්ඩුව යන්නේ අතුරේ කිව්වොත් වැරදි නෑ....