රැජිණගේ ගිණි සිළුවේදී බරට සැළකිලි

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පදනම් කරගෙන දින 269 ක් රටවල් 72 ක දේශ සීමා ස්පර්ශ කරන්නට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා උළෙල ගිනි සිළුව නොහොත් රැජිණගේ ගිණි සිළුව ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය වෙත රැගෙන ඒමේ අවස්ථාව බර ඉසිලීමේ ක්‍රීාව හා සම්බන්ධ චින්තන ගීතාල් විදානගමගේට සහ හංසනි ගෝමස්ට හිමි වුණා.

බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල රන් පදක්කම දිනා දුන් චින්තන ගීතාල් විදානගමගේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක පළමු කාන්තා බර ඉසිලීමේ පදක්කම්ලාභිණිය වන 2018 දී ලෝකඩ පදක්කමක් දිනා දුන් හංසනී ගෝමස් එම ඓතිහාසික දක්ෂතාවයන් නිසා මෙම අවස්ථාව උදා කර ගත්තා.

දින තුනක් මෙරට රැදෙන රැජිනිගේ ගිණි සිළුව රත්මලානේ පිහිටි ශ්‍රවණ සහ කථන ආබාධිත පාසලට ද පැමිණීමට නියමිතයි.එසේම මහනුවර,හැටන් සහ කොළඹ කේන්ද්‍රීයව සිඳුවන ගිණි සිළුව ගමන් කිරීමේදී හැටන් ප්‍රදේශයේ Kirkoswald Tea Factory මෙන්ම මහනුවර ප්‍රදේශයේ දීප්තිමත් පාසලක් වන රණබිම රාජකීය විද්‍යාලය මෙන්ම බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබා දුන් වික්ටෝරිය ජලාශය යන ස්ථාන ප්‍රධාන කොට ස්පර්ශ කිරීමටත් නියමිතයි.රැජීනගේ ගිණි සිළුව රැගත් සංචාරයේ ගමනාන්තය සිඳුවීමට නියමිත තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේදී යි.
රැජිණගේ ගිණි සිළුව ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව එය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ද රැගෙන ගිය අතර එම අවස්ථාවට වත්මන් මහා කොමසාරිස්වරිය වන සාරා හුල්ටන් ද එක් වුණා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...