රනිල්ගේ තත්ත්වය දැන් හොද අතට හැරෙමින් තියෙන්නේ – වෛද්‍ය බෙල්ලන

Date:

කොළඹ LNW: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවති විජලන තත්ත්වය පහව යමින් ඇතැයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයාට මේ වන විට ඇප ලැබී තිබීම හේතුවෙන් ඔහුට කැමති රෝහලකින් තවදුරටත් ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව ඇති බවයි වෛද්‍යවරයා සඳහන් කරන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතාට හෘද වස්තුවෙහි ධමනිවල අවහිරතා ඇති බැවින් ඔහුට විවේක අවශ්‍ය බවත් වෛද්‍ය මතය අනුව තව සතියක කාලයක් පමණ ඔහුව කාර්යබහුල නොකළ යුතු බවත් ඔහු පවසයි.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ලාල්කාන්තට චෝදනාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කෘෂිකර්ම පශුසම්පත් ඉඩම්...

අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට දිට්වා බධාවක් නොවෙයි – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: "අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල්...

ලබන 22 වැනිදා දිවයිනට පැමිණෙන IMF නියෝජිතයෝ!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...