වැඩබලන සුව ඇමතිගෙන් වෛද්‍ය බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්…?

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW:

වත්මන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මාධ්‍යයට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් මෙම විනය පරීක්ෂණය සිදුකිරීමට බලාපොරොත්තු වන බව, මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසා සිටියේය.