රනිත්මාගේ ගමණට ලොව දොළොස්වැන්නිය හරස් වෙයි.

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ ජාතික බැඩිමින්ටන් සූරිය රනිත්මා ලියනගේ ප්‍රංශයේ පැවත්වෙන ලෝක සූරතා තරගාවලියේදී පළමු තරගය ජය ගැනීමෙන් අනතුරුව මුණ ගැසුණු ලොව දොළොස්වැන්නිය ලෙස ශ්‍රේණිගතව සිටින කොරියාවේ සිම් යූ ජින් ඉදිරියේ වට 2-0 ක් ලෙස පරාජයට පත් වූවාය.තවමත් 18 හැවිරිදි රනිත්මා 26 හැවිරිදි ලෝකයේ දොළොස්වැන්නිය ලෙස සිටින කිම් යූ ජින් ඉදිරියේ පරාජය ඉදිරියේ විනාඩි 30 ක සටනක නියැලුණාය.ලකුණු තත්ත්වය 21 – 14 සහ 21 -16 ක් විය.


ශ්‍රී ලංකාව වැනි රටක ගෙවුණු වසර හතරක කාලය තුළ බැඩිමින්ටන් ක්‍රීඩාව ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් සිවීය පෞද්ගලික ධනය ද කැප කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජාත්‍යන්තර අත්දැකීම් සඳහා විවෘත කරන්නට රොහාන් ද සිල්වා ගත් උත්සාහයේ පලයක් ලෙස රනිත්මාට ලෝක කුසලාන තරගාවලිය දක්වා යන්නට ඉඩ සැළසුණු අතර මේ තරගාවලිය රනිත්මා මෙන්ම දුමිඳු අබේවිකුම,සිතුමි ද සිල්වා,ඉසුරි අත්තනායක,හසාරා විජයරත්න සහ හසිනි අම්බලන්ගොඩ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද සහභාගි විය.ඒ අතරින් ඉසුරි සහ සිතුමි තවමත් 16 හැවිරිදිය.මේ අතර ජාතික සූර විරේන් නෙත්තසිංහ පළමු තරගය ජය ගනිමින් තව දුරටත් තරගාවලියේ රැදී සිටින අතර ඔහුට අද දවසේ ඉදරි කාලය තුළ තරග කරන්නට සිඳුවන්නේ ද සත්කාරක ප්‍රංශය නියෝජනය කරන අංක 15 ට ශ්‍රේණිගතව සිටින ටොමා ජූනියර් පොපොව් සමඟය.


රනිත්මා මෑත කාලයේ එංගලන්ත සූරාතවලිය ජය ගැනීමට සමත් වූ අතර ඇය වර්ථමානයේ එංගලන්තයේ රැඳෙමින් දිලූක කරුණාරත්න යටතේ පුහුණුව ලබන අතර ඇයගේ කළමණාකරු ලෙස කටයුතු කරන්නේ නිලූක කරුණාරත්නය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...