ගුරු විභාගයට වයස් සීමාව සංශෝධනය කිරීමේ එකඟතාවක්!

Date:

කොළඹ LNW:2021වසරෙන් පසු ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීම් සිදු කර නොමැති බැවින් ඊට අදාළ වයස් සීමාව සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ එකඟතාවය පළ කර තිබේ.

එම එකඟතාව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (27) රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ජාවේදීය.

රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය හා අධ්‍යාපන වෘත්තියේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය අතර මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර ඊට රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යයේ එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහ උපාධිධාරීන් පිරිසක් එක් විය.

ගුරු විභාගය පැවැත්වීම දීප ව්‍යාප්ත මට්ටමින් සිදු කිරීමටත්, විභාගය සඳහා අයදුම් කිරීමේ දී තමන් පළාත් පාසල් හෝ ජාතික පාසල් ලෙස තෝරා ගැනීමට අවකාශය ලබා දී ඇති බවත් එම සාකච්ඡාවේ දී අනාවරණය වී තිබේ.

මේ අතර දැනට පවත්වා තිබෙන ගුරු විභාගයට අදාළව පත්වීම් ලබාදීම පිළිබඳව සාකච්ඡා කර ඇත. එම පත්වීම් ලබාදීමට අදාලව නඩු කටයුතු 4ක් පැවති අතර මේ වන විට ඒ සියල්ල නිෂ්ප්‍රභා කර ඇති නමුත් එහි නඩු වාර්තාව තවමත් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කර නොමැති බව එහිදී අනාවරණය විය. එමෙන්ම ඊට අදාළව අභියාචනාධිකරණයේ ද නඩුවක් ගොණුකර ඇති බැවින්, මෝසමක් මගින් එම නඩුව ඉවත් කර ගැනීමේ අවශ්‍යතාවය ද පවතින බව සාකච්ඡාවට ගෙන තිබේ.

ඉන්පසු ලබා දී ඇති නඩු තීන්දුවට අනුව ගුරු පත්වීම් ලබාදිය හැකි බව අවධාරණය වී තිබේ.

මේ වන විටත් පළාත් මට්ටමේ ගුරු පුරප්පාඩු පිළිබඳව දත්ත ලබාගෙන ඇති බවද සාකච්ජාවේදී අනාවරණය වී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...