වසර 9කට පසු විමල්ගේ තුම්මුල්ලේ නඩුව විභාගයට දින දෙයි

Date:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වශයෙන් කටයුතු කළ සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී තුම්මුල්ල හන්දිය අවහිර කරමින් මහජනයාට පීඩාවක් ඇති කළ බවට චෝදනා කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු හය දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව 2025 නොවැම්බර් 10 වනදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, එම නඩුව ඊයේ (01) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එම අවස්ථාවේදී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

2016 පෙබරවාරි 06 වනදා එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට තුම්මුල්ල හන්දිය ඇතුළු මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණයක නියැළීමෙන් මහජන පීඩාවක් ඇති කිරීම සම්බන්ධයෙන් මංමාවත් පනත යටතේ සහ පොලිස් ආඥා පනත යටතේ කුරුඳුවත්ත පොලීසිය විසින් මෙම නඩුව පවරා ඇත.

විවිධ හේතූන් දක්වමින් වීරවංශ මහතා අධිකරණය නොපැමිණීම ඇතුළු සිද්ධි ගණනාවක් මත වසර ගණනක් තිස්සේ මෙම නඩුව විභාගයට ගැනීමෙන් තොරව කල්යමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...