ඉන්දියාව ජාතික කණ්ඩායම කැඳවා ශ්‍රී ලංකාවට පහර දෙයි

Date:

ඉන්දියාවේ පැවත්වෙන 61 වන අන්තර් ප්‍රාන්ත ජ්‍යෙෂ්ට මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර් 100 සහය දිවීමේ තරගයට ඉන්දියාව ප්‍රාන්ත කණ්ඩායම් කැඳවිම පසෙකලා ඔවුන්ගේ ජාතික කණ්ඩායම කැඳවා එම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් උඳුරා ගන්නට සමත් විය.අමාශා ද සිල්වා,ෂෙලින්ඩා ජෙන්සන්,මේධනී අබේමාන්න සහ ලක්ෂිකා සුගන්ධි ශ්‍රී ලංකාවෙන් තරඟ වැඳිණි.
ඉන්දියාව ඒ සඳහා දුඨි චන්දි,හිමා දාස්,ධනලක්ෂ්මී සහ ෂර්භානි නන්දා කැඳවා සිය ජාතක කණ්ඩායම පෙරට ගෙන ශ්‍රී ලංකාවට ඉසව්වේ රන් පදක්කම යාම වළක්වන්නට කටයුතු සිඳු කළේය.ඉන්දීය කණ්ඩායම එහිදී තත්පර 43.95 ක දක්ෂතාවයක් දැක් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ කාලය තත්පර 45.35 ක් විය.තෙවන ස්ථානය දිනූ කේරළ කණ්ඩායමට තත්පර 45.71 ක් ගත විය.
මෙහිදී ඉන්දියාව වෙනුවෙන් තරඟ වැදුණු කණ්ඩායමේ හිමා දාස්,ධනලක්ෂ්මී වැනි ක්‍රිඩිකාවන් ඉදිරි ලෝක සූරතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය අපේක්ෂා පෙරදැරිව මාස දෙකකට ආසන්න කාලයක් තුර්කියේ විශේෂ පුහුණුව ලබා පැමිණ තිබූ අතර ඔවුන් යුරෝපයේ ඇතැම් තරග අත්දකීම් ද සහිතව මේ තරගයට ඉදිරිපත් වි තිබිණ.විශේෂයෙන් ධන ලක්ෂ්මි ඉතා ආසන්න කාලයක ඉන්දියාවට පැමිණ තිබූ අතර ඇය මීටර් 100 කේවළ තරඟයට පවා ඉදිරිපත් නොවුණ ද මෙම සහය දිවීමට කැඳවා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කෙටි දුර ධාවනයේදී දක්වන දක්ෂතාවය නිසා එහි රන් පදක්කම ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යයතාවය ද සළකාය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...