විජේරාමේ අද මොකද වුණේ? (PHOTOS)

කොළඹ LNW: “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවස යළි භාරදීමට සිදුව ඇති අතර විජේරාමෙන් පිටත්වීමට සූදානම් වන හිටපු ජනාධිපතිවරයා බැහැ දැකීමට අද උදෑසන දේශපාලනඥයින් සහ විදෙස් නියෝජිතයින් පිරිසක් එහි පැමිණි ආකාරය දැකගත හැකිවිය.

මහින්ද රාජපක්ෂ මහතා මෙතක් කල් වාසය කළ විජේරාම නිල නිවස තුළ මෙන්ම ඒ පරිශ්‍රය අවට අද ඉතා කලබලකාරී තත්ත්වයක් පැවති අතර දහවල් කාලයේදී තමන් දැකීමට පැමිණි සියල්ලන්ටම සමුදී රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මියද සමඟ හම්බන්තොට කාල්ටන් නිවස වෙත ගියේය.

“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන්ට මෙම ඉවත්වීම සිදුවූ අතර ඊයේ (10) පාර්ලිමේන්තුවේදී එම පනත වැඩි ජන්ද 150කින් සම්මත විය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...

ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්

ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...