විජේරාමේ අද මොකද වුණේ? (PHOTOS)

Date:

කොළඹ LNW: “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවස යළි භාරදීමට සිදුව ඇති අතර විජේරාමෙන් පිටත්වීමට සූදානම් වන හිටපු ජනාධිපතිවරයා බැහැ දැකීමට අද උදෑසන දේශපාලනඥයින් සහ විදෙස් නියෝජිතයින් පිරිසක් එහි පැමිණි ආකාරය දැකගත හැකිවිය.

මහින්ද රාජපක්ෂ මහතා මෙතක් කල් වාසය කළ විජේරාම නිල නිවස තුළ මෙන්ම ඒ පරිශ්‍රය අවට අද ඉතා කලබලකාරී තත්ත්වයක් පැවති අතර දහවල් කාලයේදී තමන් දැකීමට පැමිණි සියල්ලන්ටම සමුදී රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මියද සමඟ හම්බන්තොට කාල්ටන් නිවස වෙත ගියේය.

“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන්ට මෙම ඉවත්වීම සිදුවූ අතර ඊයේ (10) පාර්ලිමේන්තුවේදී එම පනත වැඩි ජන්ද 150කින් සම්මත විය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය ජාත්‍යන්තර සමුළුව ඇමති පන්නිලගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:නවෝත්පාදන සමාජ සංවර්ධනය උදෙසා පදනම (FISD) මගින් සංවිධානය...

ඉහළම දක්ෂතා සමඟ පරාජය වීමේ හේතුව….?

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ මාල...

අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...