නාමල් රාජපක්ෂ නිසා විදුලි බල මණ්ඩලයට නඩුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සවයේදී භාවිත කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන දෙකකට අධික මුදලක් නිසි වේලාවට ලංකා විදුලි බල මණ්ඩලයට නොගෙවීම මගින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර දුන්නේ ය.

නීතිඥ විජිත කුමාර නමැත්තෙකු විසින් ගොනු කරනු ලැබ තිබූ එම පෙත්සමෙන් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ, ලංකා විදුලි බල මණ්ඩලය යි. මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

පෙත්සමෙන් ඉල්ලූ ‘එක ම දේ’

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා සම්පාදනය කරනු ලැබූ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු නිසි වෙලාවට ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම පෙත්සම ගොනු කර තිබූ බව ය.

අදාළ විදුලි ගාස්තුව මේ වන විට ගෙවා අවසන් කර ඇති බැවින් අදාළ ක්‍රියාව තුළින් මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ ප්‍රකාශයක් පමණක් මෙම නඩුකරය තුළින් අපේක්ෂා කරන බවත් නීතිඥවරයා සඳහන් කළේ ය,

බීබීසී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...

2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ...

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...