අඳුරු නිමේෂයක යටගියාව සොයා “ක්‍රිෂාන්තිගේ අඩිපාරේ!”

Date:

සැප්තැම්බර් 13, කොළඹ (LNW):

ඇය වූයේ උදාහරණයක්.
අහිංසක සිහිනවලින් ගොඩනගාගත් සරල ජීවිතයක මල් පිපෙන බවට සාක්ෂියක්!
ඇයගේ සිහිනය වූයේ රටට සෙවණැල්ලක් ගෙන දෙන වෛද්‍යවරියක්.
ඒත් ලියවුණේ වෙනම කතාවක්!


යාපනයේ මධ්‍යම පංති පවුලක උපන් ක්‍රිෂාන්ති කුමාරස්වාමි හොඳට ඉගෙන ගෙන ලොකු දොස්තර නෝනෙක් වෙන්නයි සිතාගෙන උන්නේ! නමුත් බිහිසුණු අන්ධකාරයට ඇය ගොඳුරු වූයේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ මුවින් “අනේ! අපොයි” කියා ඇසෙන සෝ සුසුම් මැඳය.

උදෑසන අවදි වී දෙවියන්ගෙන් ආශිර්වාද ඉල්ලා ගියේ ඇය ජීවිතය ගොඩනගා ගන්නට ය. නමුත් ලැබුණේ අමානුෂික හිංසාවන්‍ගෙන් පිරුණු අඳුරු නිමේෂයකි.


“ක්‍රිෂාන්තිගේ අඩිපාරේ”, පොතක් පමණක් නොව,
කතා නොකර මකා දැමිය නොහැකි ඉතිහාසයක කොටසකි.


ඉඳින්! පෙර මතකය අවුස්සමින්, නොදන්නා කතාවක සිද්ධාන්තය ගෙන හැර දක්වමින් සැප්තැම්බර් 17 වන දා දොරට වඩින “ක්‍රිෂාන්තිගේ අඩිපාරේ”, ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ඔබ්බට ගිය ප්‍රවීණ මාධ්‍යවේදී රත්නපාල ගමගේ මහතා ගේ අපූරු වැඩකි.

තවත් විස්තර මොටද, ආවායින් පස්සේ කියවා බැලීම ඔබට බාරය.

තුති!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...