වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට වරෙන්තු!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW :

මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින්, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇත.

ඊයේ (12) දින අදාළ නඩුව මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ. ජාතික ජන බලවේගයේ ප්‍රදේශීය සභා මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාට මරණ තර්ජනය කල බව කියන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණ සමයෙහි වැලිගම ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තරග වැදුණු නීතිඥ තාරක නානායක්කාර මහතාට තර්ජනය කිරීමේ චෝදනා මත වින්දිතයන් සුරැකීමේ පනත යටතේ ඔහුට මෙලෙස නඩු පවරා තිබේ. එම නඩුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී විත්තිකාර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඊට පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී සිටිමින් ඔහු රෝගාතුර බව දන්වා ඇත.

එහෙත් ඔහුගේ ඇපකරුවන් ද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ආපදාවෙන් පීඩාවට...

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...