මමත් බඩු පටවනවා. හෙට අනිද්දම යනවා – මෛත්‍රී

Date:

කොළඹ LNW: ඉදිරි දින දෙක තුන තුළ තමන්ද නිල නිවසින් ඉවත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මේ දිනවල එම ඉවත්වීම සඳහා සූදානම් වන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

”මමත් බඩු පටවනවා. හෙට අනිද්දට යනවා ඉතින්. තව දවස දෙකක තුනක් විතර තමයි ඉතින් ඉන්නේ. හිටපු ජනාධිපතිවරයෙක්ට නිවසක් සහ කැබිනට් ඇමතිවරයෙක්ගේ සියලු පහසුකම් දෙනවා කියල ජේ.ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සම්මත කරපු පනතකක් තිබුණා. ඒ පනත අනුව තමයි හිටපු හැමකෙනෙකුටම දුන්නේ. වර්තමාන ආණ්ඩුව ඒක අවලංගු කරලා යන්න කිව්වම අපි ඉතින් යනවා. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ අපිට.”

කෙසේවෙතත් තමන් නිලනිවසින් ඉවත් වන විට ජනතාව සහ මාධ්‍ය ගෙන්වීමට කටයුතු නොකරන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...