මමත් බඩු පටවනවා. හෙට අනිද්දම යනවා – මෛත්‍රී

Date:

කොළඹ LNW: ඉදිරි දින දෙක තුන තුළ තමන්ද නිල නිවසින් ඉවත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මේ දිනවල එම ඉවත්වීම සඳහා සූදානම් වන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

”මමත් බඩු පටවනවා. හෙට අනිද්දට යනවා ඉතින්. තව දවස දෙකක තුනක් විතර තමයි ඉතින් ඉන්නේ. හිටපු ජනාධිපතිවරයෙක්ට නිවසක් සහ කැබිනට් ඇමතිවරයෙක්ගේ සියලු පහසුකම් දෙනවා කියල ජේ.ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සම්මත කරපු පනතකක් තිබුණා. ඒ පනත අනුව තමයි හිටපු හැමකෙනෙකුටම දුන්නේ. වර්තමාන ආණ්ඩුව ඒක අවලංගු කරලා යන්න කිව්වම අපි ඉතින් යනවා. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ අපිට.”

කෙසේවෙතත් තමන් නිලනිවසින් ඉවත් වන විට ජනතාව සහ මාධ්‍ය ගෙන්වීමට කටයුතු නොකරන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...