කොළඹ LNW: ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් සියලු නායකයින් එකම වේදිකාවකට ගොඩවිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
එහිදී ජාතික නායකත්වය සැපයීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි බව තමන් විශ්වාස කරන බවයි අබේවර්ධන මහතා සඳහන් කළේ.
”සියලු නායකයින් එක වේදිකාවකට ගොඩවිය යුතුව තියෙනවා ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා. ශ්‍රී ලංකාවට නිදහස ලබාගත්තෙත් එහෙමයි. සියලු නායකයින් එක වේදිකාවක සිටයි ශ්‍රී ලංකාවට නිදහස ලබාගත්තේ. ශ්‍රී ලංකාව ආසියාවේ ලොකු රටක් වෙන්න කැමති නම් තරුණ පරම්පරාව මේ රටේ බොරුවෙන් සන්නද්ධ වෙන එක නවත්වන්න ඕනේ නම් මම හිතනවා සියලු නායකයින් එක වේදිකාවකට ගොඩ විය යුතුයි.ඒ වේදිකාව වෛරය, ක්‍රෝධය,ඊර්ෂ්‍යාව, තණ්හාව නැති වේදිකාවක් විය යුතුයි. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට ජාතික නයකට්ව්හය සපයන්න පුලුවන් කියල මම විශ්වාස කරනවා.” යනුවෙන් අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ආශිකා බ්‍රාහ්මණ
