පුනරුදයේ පුරවර අදින් ඇරඹේ!

Date:

කොළඹ LNW: ‘පුන­රු­දයේ පුර­වර’ පළාත් පාලන සතිය ක්‍රියාවට නැංවීමේ ජාතික උත්සවය අද (15) බදුල්ලේදී පැවැත්වෙයි.

”පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” තේමාව යටතේ ජනතාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන, ජීවත් වෙන පරිසරය සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වන අතර පුනරුදයේ පුරවරයක් බිහි කිරීම උදෙසා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් මෙහෙය වන පුනරුදයේ පුරවර 2025 පළාත් පාලන සතිය ක්‍රියාවට නැංවීම අද (15) ආරම්භ වීමට නියමිතයි. එය සියලුම පළාත් පාලන ආයතන තුළ ක්‍රියාත්මක වෙනු ඇති.

මෙහි සමාරම්භක උත්සවය රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

පළාත් පාලන ආයතන 341 අතරින් අඩුම ආදායමක් සහිත පලාත් පාලන ආයතනය වන බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය සභාවට අයත් මීගහකිවුල සතිපොල පරිශ්‍රයේ දී පුනරුදයේ පුරවර සමාරම්භක උත්සවය සංවිධානය කර තිබේ.

අද (15) දිනයේදී ආරම්භ වන මෙම වැඩසටහන ලබන 21 වනදා දක්වා සතියක් පුරා පැවැත්වීමට නියමිත අතර අද දිනය ජංගම සේවා දිනය ලෙස නම්කර ඇති අතර 16 වනදා පරිසර සහ රුක්රෝපණ දිනය 17 වන දා සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය 18 වනදා ආදායම් ප්‍රවර්ධන දිනය,19 වනදා සාහිත්‍ය, අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධන දිනය, 20 වනදා මහජන උපයෝගීතා සහ ක්‍රිඩා දිනය ලෙස සහ 21 වනදා මෙහි සමාප්ති උළෙල පැවැත්වීමට සැලසුම් කර ඇත.

ජනා­ධි­පති කාර්යා­ලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩ­ස­ට­හන, සෞඛ්‍ය, ආර­ක්ෂක, නාග­රික සංව­ර්ධන ඉදි­කි­රීම් සහ නිවාස, පරි­සර යන අමා­ත්‍යාංශ සහ ශ්‍රී ලංකා පොලීසිය, නාග­රික සංව­ර්ධන අධි­කා­රිය, මහ­වැලි අධි­කා­රිය, නාග­රික ජනා­වාස සංව­ර්ධන අධි­කා­රිය, වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව, සහා­ධි­පත්‍ය කළමනා­ක­රණ අධි­කා­රිය, සමු­ද්‍රිය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රිය, ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංව­ර්ධ­නය කිරීමේ සංස්ථාව, භූ විද්‍යා සමී­ක්ෂණ හා පතල් කාර්යාං­ශය, ජාතික ප්‍රජා ජල සැප­යුම් දෙපා­ර්ත­මේ­න්තුව ඇතුළු රාජ්‍ය ආය­තන රැසක් මේ සඳහා එක්ව සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...