ගෝලීය උණුසුම 3C ඉක්මවා ගියහොත් සිඩ්නි හි තාපය ආශ්‍රිත මරණ 444% කින් ඉහළ යනු ඇති බව ජාතික දේශගුණික අවදානම් තක්සේරුව වාර්තා කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව මුහුණ දෙන දේශගුණික අවදානම් සම්බන්ධයෙන් ඊයේ(15) දිනයේදී ප්‍රකාශයට පත් කරන ලද ජාතික දේශගුණික අවදානම් තක්සේරු වාර්තාවට අනුව ගෝලීය උෂ්ණත්වය 3C ඉක්මවා ගියහොත්, සිඩ්නි හි තාපය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 444% කින් සහ ඩාවින්හි මරණ 423% කින් වැඩි වන බවට දක්වා තිබේ.

මෙම වාර්තාව හරහා ඕස්ට්‍රේලියාවට දේශගුණික අර්බුදයේ සමාජීය හා ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳ වඩාත් සවිස්තරාත්මකව විස්තර කෙරෙන අතර මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සඳහන් කර තිබුණේ, මෙම වාර්තාව බරපතල ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවෙන් ජාතිය අවදි කිරීමක් වන බවයි.

මෙම වාර්තාවට අනුව, ඕස්ට්‍රේලියාවේ ජනාකීර්ණ වෙරළබඩ ප්‍රජාවන්ට ගංවතුර, ඛාදනය සහ ජලයෙන් යටවීම ඇතුළු මුහුදු මට්ටම ඉහළ යාමේ අවදානම් තත්වයක් පෙන්වා දී ඇති අතර 2050 වන විට වෙරළබඩ පදිංචිකරුවන් මිලියන 1.5 ක් අවදානමට ලක්වන බවත්, 2090 වන විට මිලියන 3 කට වඩා එය වැඩි වන බවත්ය.

එමෙන්ම මෙමඟින් 2050වන විට දී ප්‍රාන්ත සහ ප්‍රදේශ හරහා ගංවතුර, ලැව්ගිනි, කුණාටු සහ සුළි සුළං මඟින් සිදුවන හානිය වසරකට ඩොලර් බිලියන 40 දක්වා ළඟා විය හැකි බව ඇස්තමේන්තු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...