සජිත් රංජන් බලන්න වැලිකඩ යයි. විශේෂ පණිවිඩයකුත් රැගෙන එයි … (VIDEO)

නිදහස් දිනය වෙනුවෙන්, වෙසක් දිනය වෙනුවෙන්, පොසොන් දිනය වෙනුවෙන් යනාදී ලෙස රංජන් රාමනායකට නිදහස ලබා දෙන බවට ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රකාශ කළ දේ සහමුලින්ම ඇන්දවීමක් සහ රැවටීමක් පමණක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් සොයා බැලීමට විපක්ෂ නායකවරයා ඊයේ (15) පෙරවරුවේ වැලිකඩ සිර මැදිරියට ගිය අතර ඔහුගෙන් ජනතාවට විශේෂ පණිවිඩයක් ද රැගෙන පැමිණියේය.

ඒ අනුව, රංජන් රාමනායක මහතා වඩාත් ධෛර්යසම්පන්න ලෙස කායික සහ මානසික වශයෙන් ශක්තිමත්ව සිටින අතර සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමත් සමඟ වඩාත් ඵලදායි ලෙසත්, අර්ථවත් ලෙස රටට සේවය කිරීම වෙනුවෙන් හෙට දවසේත් සමගි ජන බලවේගය සමග අත්වැල් බැඳගෙන එක්ව කටයුතු කරන බවට රටට පණිවිඩයක් ලබා දෙන්නැයි රංජන් රාමනායක ඉල්ලා සිටි බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...