*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

දිය යට ගැසූ රබර් බෝල මතු වෙයි

චාමික කරුණාරත්න සහ යුපුන් අබේකෝන් දෙදෙනාම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ඇතුළත නිසි අවස්ථාවන් නොලද්දෝ වෙති.මේ දෙදෙනාම එකම පිටියේ එකට තරඟ කළ මලල ක්‍රීඩකයෝය.උදාහරණයකට 2010 දී චාමික කරුණාරත්න සමස්ත ලංකා මලල ක්‍රීඩා කරගාවලියේ අවුරුදු 15 න් පහළ හෙල්ල වීසි කිරීමට එද්දී එම වසරේ යුපුන් අබේකෝන් එම උළෙලේ මීටර් 100 සහ කුන් පිම්ම ඉසව් නියෝජනය කරන්නේ මීටර් 100 ඉසව්වට සහ තුන් පිම්ම ඉසව්වටය.අද යුපුන් වෙන්නප්පුව ජෝෂප්වාස් විද්‍යාලීය ක්‍රීඩකයෙක් ලෙස ප්‍රකට නමුත් එදා ඔහු නියෝජනය කළේ පන්නල ජාතික පාසල ය.

චාමික මලල ක්‍රීඩාවට,බැඩ්මින්ටන් ක්‍රීඩාවට අදාළව සිය වයස් ඛාණ්ඩවල ජාතික සූරයා මෙන්ම කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් ක්‍රීකට් ක්‍රීඩාවේද කැපී පෙණින.එම විද්‍යාලීය කණ්ඩායමට නොව අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද නායකත්වය දෙන්නට තෝරා ගත් චාමික,ඒ අනුව සිය පවුලේ ක්‍රීඩාව වූ බැඩ්මින්ටන්වලට වඩා ක්‍රිකට්වලට මුල් තැන දීම අරඹන්නේය.බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දී ද ජාතක සූරතාවයේ දී සිය වැඩිමහල් සහෝදරයා වූ නිලූකට පමණක් දෙවැනි වෙමින් අනු සූරතාවය සඳහා එන්නට තරම් ද දස්කම් තිබියදී ක්‍රිකට් තෝරා ගන්නා චාමිකට ජාතික කණ්ඩායම කරා කෙමෙන් තල්ලු වන්නට වන්නේ ඊට එරෙහිව නැඟෙන තවත් බාධක ද බිඳ දමමින්ය.

ආතර් මිලර් ගේ සමයේ චාමික කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වයට පමණක් නොව ඔහුගේ කැපවීම පෞද්ගලිකව මිලර් ගේ ද පැසසුමට ලක් වුව ද,ඔහු පිටිය මැද නිසි තැන නොලද ක්‍රීඩකයෙක්ගේ ස්වභාවය විදා පෙන්නුවේය.එහෙත් ලැබෙන කුඩාම අවස්ථාව වුව කණ්ඩායම වෙනුවෙන් උපරිමය කරන්න උනන්දු ක්‍රීඩකයෙක් ලෙස ගෞරවයට පාත්‍රවන චාමික කණ්ඩායමේ රැ දී සිටියේ එම සුවිශේෂි ලක්ෂණයේ පිහිටෙන්ය.මේ මොහොතේ ක්‍රියාත්මක ඕස්ට්‍රේලියාවට එරෙහි ක්‍රිකට් තරගාවලියේ දී විස්සයි විස්ස අවසාන තරගය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඒ අවස්ථාව උදා කර ගත් දසුන් ශානකගේ විස්මිත පිතිකරණයට සහය වූ අනිත් අන්තය භාර ගත් පිතිකරුවා වූයේ චාමිකය.ඊට පෙර තරඟ දෙකේ ද පරාජයන්ට හේතු ලෙස චාමික ව පන්දුවෙන් සහ පිත්තෙන් නිසි පරිදි යොදා නොගැනීම හේතුවක් වූ බවට චෝදනා නැඟුණ ද,සීමිත පන්දු වාර 50 තරගයේදී ද ඔස්ට්‍රේලියාව පරාජය වෙත තල්ලු කරන්නට සමත් ලකුණු නොලැබෙන පන්දු යැවීමක සිටි චාමික ඉන් ඉවත් කෙරෙන අතර ශ්‍රී ලංකාවට පරාජය හිමි වන්නේය.

ජූනි 16 වූ ඊයේ ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව දෙවන එක් දින තරගය ජය ලබා ගන්නේය.එහිදි තරඟයේ වීරයා වන්නේ චාමික කරුණාරත්නය.තරඟය ඩක්වර්ත් ඇන්ඩ් ලුවිස් ක්‍රමයට ජය ගැනීමට ඕස්ට්‍රේලියාවට එල්ල වන ඉලක්කය පන්දු ඕවර් 43 දී ලකුණු 216 ක් ය.එහිදි තරගයේ මුල සිටම ජයග්‍රහණය සඳහා පැවති සම්භාවිතාව ඔස්ට්‍රේලියාවට සියයට 70 ක් විය.එය වෙනස් කිරීම ඇරඹෙන්නේ ඕස්ට්‍රේලියානු ඉණිමේ 35 වන ඕවරය නිමා වේ ලකුණු 177 ක් ව තිබිය දී ය.එම ඕවරයේ 170 ක් ව සිටියදී පළමු තරගයේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට හිමි කර දීමට මුල් වූ ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 30 ට පිටියෙන් ඉවත් කරන්නට චාමික සමත් වන්නේය.එම ඒවරයේ අවසාන පන්දුවේදි ලකුණු පූවරුව 177 ක් ව සිටියදි අවසන් පිතිකරණ බලාපොරොත්තුව වූ කඩුලු රකින ඇලෙක්ස් කැරී ඉවත් කරන්නේ ද,චාමික මුල් වූ දුවද්දි දැවී යාමකින්ය.ඊට පෙර තරගයේ මුල් භාගයේදී ස්ටිව් ස්මිත්ගේ කඩුල්ලට ව කියා සිටි චාමික යළිත් 37 වන ඕවරයේ දී මිචෙල් ස්වෙප්සන්ගේ කඩුල්ල ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නව වන කඩුල්ල ලෙස ඉවත් කරන චාමික ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පහසු කරන්නේය.පන්දුවෙන් පන්දු රැකිමෙන් මෙන්ම දෙපිළෙන්ම කිසිඳු අර්ධ ශතකයක් හෝ වාර්තා නොවුණු මේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ප්‍රාහාරාත්මක වේගය රඳවා ගනිමින් පන්දු 16 ට ලකුණු 17 ක් ලබන්න ද චාමිකට හැකි වන්නේය.අවසන් ප්‍රතිපලය ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 26 ක ජයක් ය.

චාමික මෙන්ම යුපුන් ද ඊයේ ලෝකයේ අවධානයට ලක් වූවේ නෝර්වේ නුවරදී ය.ඒ එහි පැවති ඩයමන්ඩ් ලීග් තරගයේදී පස්වන ස්ථානය දිනා ගනිමින්ය.එම තරගයට ඉදිරිපත් වූ ක්‍රීඩකයින් අතර පෞද්ගලික හොඳම දක්ෂතා සළකද්දි යුපුන් හිටියේ ඉදිරිපත් වූ අට දෙනාගෙන් අට වැන්නාටය.නමුත් තරගය පස්වන තැනට නිම කරමින් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ හොඳම වේගය සහිත ධාවකයා නැවත ලෝක අවධානය දිනා ගත්තේය.ඊයේ ඔස්ලෝ නුවරට වැටුණු වර්ෂාව නොවන්නට තත්පර නවයේ සීමාවේ තරග වැදිය හැකි පිරිසක් සිටි මෙම තරගයේ අවසානය මීට වඩා යහපත් වන්නට තිබුණත්,අවසාන ප්‍රතිපලය වූයේ ජයගග්‍රාහක ආන්ද්‍රේ ඩේ ගාසි තත්පර 10.05 ට තරගය නිමා කිරීමය.ඔහු ගෙවුණු ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පාට තුනේම පදක්කම් දිනා ගත් ක්‍රීඩකයෙක්ය.මීටර් 200 රන් පදක්කම දිනූ ආන්ද්‍රේ මීටර් 100 සහය දිවීමේ තරඟයේ රිදී පදක්කම කැනඩාවට දිනා දෙන්නට ද දායක විය.එමෙන්ම මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේද ඔහුම ය.

පස් වැනියා වූ යුපුන් ට තත්පර 10.16 ක් ගත වී තිබිණ.තරගයේ වැරදි ආරම්භයක් සම්බන්ධයෙන් සංඥාවක් නිකුත් වුව ද නැවත එහිදී සියල්ලන්ටම අවස්ථාව හිමි වූ අතර එහි දී යුපුන් ප්‍රතික්‍රියා වේගය තත්පරය 0.137 ත් විය.එය එම වැරදි ආරම්භයක් ලෙස සටහන් වූ ඉසව්වේ හොඳම ආරම්භක ප්‍රතික්‍රියාව වුව නැවත අරඹද්දී එම තත්ත්වය වෙනස් විය.

තරගයේ මීටර් 100 වේගය කළමණාකරණය කරන ආකාරය දක්වා ඇති රූප සටහන අතිශයින් වැදගත් අතර යුපුන් එහිදී පසුබෑමට හේතුව ආරම්භක මීටර් 20 බව පැහැදිළි කර ගන්නට හැකිය.ඔහු මිටර් 40 සිට හැට දක්වා තරඟ වැදි ක්‍රීඩකයින් අතරින් හොඳම කාලය පෙන්වා තිබෙන අතර මුල් මිටර් 20 සහ මීටර 60 න් පසු තරගය යුපුන් කළමණාකරනය කර ගැනීම සඳහා අවධානය යොමු කළ යුතුව ඇත.(මෙහි දැක්වෙන සටහන ඔහු ඔස්ලෝ ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 20 න් 20 ට සිය වේගය පවත්වා ගෙන ගිය ආකාරය විඳහා පෙන්වන්නකි.)

මේ තත්ත්වය වඩාත් හොඳින් මේ වන විට ජාත්‍යන්තර මලල ක්‍රීඩා කේෂ්ත්‍රය හඳුනාගෙන ඇති අතර ඒ නිසා ඔවුන් යුපුන් දෙස බලන්නේ ඕනෑම තරගයක් ජයගත හැකි මට්ටමේ ලොව සිටින හොඳම කෙටි දුර ධාවකයෙක් ලෙසය.ඇතැම් විට ඔහු නිත්‍යාණුකූල ආරම්භක ප්‍රතික්‍රියාව වන තත්පර 0.120 ට ඉතා ආසන්න ප්‍රතික්‍රියා වේගයක් දැක් වූ මීටර් 100 අවලංගු වූ ආරම්භක අවස්ථාව නීත්‍යාණුකූල මට්ටමෙන් ක්‍රියාත්මක වූවා නම් මේ තරයේ තීරණය යුපුන් සම්බන්ධයෙන් මීට වඩා සාරවත් කතා බහකට හේතු වන එකක් වන්නට ද තිබිණි.

යුපුන් පළමුව ශ්‍රී ලංකාව නියෝජනය කළේ මීටර් 100 ට වඩා තුන් පිම්ම ඉසව්වේ දක්ෂයෙක් ලෙස ය.2013 දි කණිෂ්ඨ දකුණු ආසියාතික තරගාවලිය ඔහුගේ පළමු තරගාවලිය විය.එහිදී ඔහු ශ්‍රී ලංකා මීටර් 100 සහය දිවීමේ කණ්ඩායමට ඇතුළත් විය.2015 දි ලෝක ආරක්ෂක සේවා මලල ක්‍රීඩා සූරතාවලියේ දී ද යුපුන් සහය දිවීමේ කණ්ඩායමේ සාමාජිකයෙකුව ලෝකඩ පදක්කමකට දායක වූ අතර අනතුරුව වඩාත් පහසුකම් සහ විද්‍යාත්මක පදනමකින් යුතු ඉතාලි පුහුණුව ඔහුගේ ජයග්‍රාහී ප්‍රවේශය පැහැදිළි කළේය.බොහෝ විරෝධ නාවේනම් යුපුන් මේ වන විට අවසාන වරට නිම වූ දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ රන් පදක්කමිලාබියාද වන්නට තිබිණ.එහෙත් ඔහුට ඒ සඳහා ක්‍රීඩාව තුළම සිය දක්ෂතාවය පෙන්නීමට ඉඩක් නොලැබුණු අතර ඒ නිසාම අවසාන වරට නේපාලයේ පැවති එම ක්‍රීඩා උළෙලේ මීටර් 100 රන් පදක්කම ශ්‍රී ලංකාවට අහිමි විය.

ඒ ආකාරයට ඉහළින් තෙරපන්නට තෙරපන්නට පීඩනය පුපුරවා හරින්නට ශක්තිය වැඩි කරගත් යුපුන් ද,තමන්ට ලැබෙන හැම අවස්ථාවක්ම චාමික මෙන්ම අත නොහැර සිය හැකියාව සනාත කරන්නට යොදා ගන්නා අපමණ ආත්ම විශ්වාසයක් සහිත ක්‍රීඩකයෙක්ය.අහිමි වූ කිසිවක් ගැන කතා කිරිමට හෝ හිමි වූ දේ ගැන ඕනෑවට වඩා ආඩම්බර වෙන්නට කාලය වැය නොකරන මේ සමකාලීන මලල ක්‍රීඩකයින් දෙපළම තවමත් තමන්ගේ හොඳම දේ නොකළ බව සිතන සහ ඒ වෙනුවෙන් අප්‍රමාණ කැපවීමක් කරන අි විශිෂ්ඨයන් දෙපළකි.නැඟෙන්නට හැකි අයුරු කියා දෙන පරමාදර්ශි ක්‍රීඩකයින් යුගලයකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan