තාත්තාට දිය හැකි උපරිම ගෞරවය දෙන්නට වෙල්ලාලගේ ඩුබායි වෙත

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 20, කොළඹ LNW:

දුනිත් වෙල්ලාලගේගේ පියාගේ අභාවය සිඳු වූයේ ඔහු ක්‍රීඩා කරමින් සිටියදීය.තමන්ගේ ක්‍රිකට් සාර්ථකත්වයේ සෙවනැල්ල වූ සුරංග වෙල්ලාලගේ නම් වූ දුනිත්ගේ පියා ද කලක් ක්‍රිකට් වෙනුවෙන් පිට්ටනිවල ගෙවා දැමූ ජීවිත රස්තියාදුවේ මතක පුරවාගත් අයෙකි.වේල්ස්කුමර විදුහල වෙනුවෙන් පළමු පෙළ කණ්ඩායමට නායකත්වයද දී ඇති ඔහු තමන්ට මඟ හැරුණු ජීවිතයේ ඉහළම සිහිනය සිය පුතු විඳිනවා බලන්නට කැප වුණ වෙහෙසුණ පියෙකි.එකත් දෙකත් තුනත් සියල්ලමත් සිය පුතුගේ ක්‍රිකට් කර ගත් පියෙකි.


ඒ පියා වෙනුවෙන් තමන්ට තරගාවලිය අතරතුර ඉතාම ඉක්මණින් සිය රට පැමිණ අවසන් ගෞරවය දක්වන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙල්ලාලගේට දැක් වූ සහය සහ පහසුකම අගය කළ යුතු එකකි.ඒ අගයට ප්‍රති උපහාර දැක්වීමට වෙල්ලාලගේ තෝරා ගත් මාර්ගය තමන්ගේ ජිවිතයේ ක්‍රිකට් ලේවල කලවම් කරපු පියා වෙනුවෙන් රට පෙරටු කර පෙරට ඒමය.ඒ සඳහා මේ වන විට වෙල්ලාලගේ නැවත ඩුබායි බලා පිටිත් වී ඇත.බොහෝ විට අද පැවත්වෙන තරගයේදී සිය පියා වෙනුවෙන් ඉහළම යුතුකම ඉටු කරන පුතෙක්ගේ වික්‍රමයන්ගේ ගොදුරක් බවට බංගලාදේශය පත් වෙනු ඇත.


අප සුරංග වෙල්ලාලගේට ඉහළම ගෞරවණීය ආචාරය පුද දෙමින් ඒ වික්‍රමාන්විත පුතු දෙස ආදරයෙන් බලා සිටින රැයකට සැරසෙමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...