නිශ්මං රණසිංහ සැප්තැම්බර් 20, කොළඹ LNW:
ශ්‍රී ලංකා ක්‍රිකට් ගමට ව්‍යාපෘතිය යටතේ ජාතික තලයට ගමේ ක්‍රීඩකයන්ට ප්‍රවේශ මාර්ග සැකසෙමින් පවතියි.එම ප්‍රවේශ මාර්ග වඩාත් පුළුල් පහසුකම් ඇති මාවත් බවට පෙරළෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ගමේ ශක්තිය සමීප කරවන දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වල දායකත්වය සහ ඔවුන් ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් මත නොරැඳෙමින්,සිය මව් ආයතනයද මැදිහත් කරගෙන සිඳු කරන ව්‍යාපෘති හරහා යි.
රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය එක තැන කැරකෙමින් තිබීම නවත්වා නව පරිපාලනය යටතේ අලුත් ගමණකට මුල පුරමින් එහි දැවන්ත නවමු පියවරක් තබමින් රත්නපුර වේගවත්ම පන්දු යවන්නා සහ යවන්නිය සොයා ගැනීමට පැවත් වූ ව්‍යාපෘතිය ඒ අතරින් වැදගත් තැනක් ගනු ලැබුවා.ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ද දිය හැකි හොඳම ශක්තිය ලබා දෙමින් රත්නපුර වේගයන් මතු කර ගැනීමේ උත්සාහයට දිරිය ලබා දුන්නා.
එහි වේගවත්ම පන්දු යවන්නා වුණේ ගොඩකවෙල බිබිලේගම ලෝෂිත විමුක්තියි.පන්දු යවන්නිය වුණේ රත්නපුර වේවැල්වත්ත එම් ෂියන්තියි.
ලෝෂිතව ගමේ වෙල් ඉපනැල්ලෙ දක්වන ක්‍රිකට් දක්ෂතා හරහා රත්නපුර ශාන්ත අලෝසියස් විද්‍යාලයට හඳුන්වා දෙන්න පියවර ගන්නෙ ගමේ සහෝදරයෙක්.ඒ හරහා හඳුනාගන්නා අතුල කුමාර පුහුණුකරු හරහා ඇලෝසියස් විද්‍යාලයේ ගත කරන මාස හයක කාලය තමයි ඔහුට තියෙන විධිමත් ක්‍රිකට් පුහුණු මතකය.

“මම ඉතිං එක එක පාරවල් හොයනවා.එහෙම ධම්මික ප්‍රසාද් සර්ගෙ වේග පන්දු යවන ඇකඩමියට සිලෙක්ට් වුණා.ඒත් සර් රට යාමත් එක්ක ඒ වැඩේ දිය වෙලා වගේ ගියා.හරියට පුහුණු වෙන්න තැනක් සෙල්ලම් කරන්න ඉඩක් නැතුව ඉද්දි තමයි රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් එක මේ වැඩ සටහන කළේ.ඒක මාරයි.මාස ගණනකට පස්සෙ ලෙදර් බෝලයක් අරගෙන බෝල් කරේ,ඒක 130 ක් ගියා.“
දැන් ලෝෂිත ඉන්නෙ ලොකු බලාපොරොත්තුවක.

“රත්නපුර ක්‍රිකට් එකෙන් වැඩක් කරයි.කොළඹ යන්නත් පාරක් හැදෙයි.මම දැන් දිගටම පුහුණුවෙන්න තැනක් හොයනවා.ගොඩකවෙල රාහුල විද්‍යාලයෙ විදුහල්පතිතුමියට මම ගිහිං කතා කළා.එතුමිය මට පුහුණුවෙන්න ඉඩ දෙන්නම් කිව්වා.“
ඒ වචනයක් ගාණෙ ඇත්තේ නොසිඳෙන බලාපොරොත්තුය.රත්නපුරේ ජාතික කණ්ඩායමට පැමිණි ඉසුරු උදාන මෙන්ම ඒෂාන් මාලිංගත් තමන් වේගවත්ම පන්දු යවන්නා වෙනවා දැකීමට පැමිණ සිටීම ගැන ඔහු ඉහළින්ම ආනන්දයට පත් වී සිටියි.ලෝකයේ විස්සයි විස්ස ලීග් තරගාවලි සඳහා ඉහළ ඉල්ලුමක් සහිත මේ දෙදෙනා ලෝෂිතගේ සිහින යන්තරයේ ක්‍රියාකාරීත්වයට නව පණක් දී ඇත.
මට තවම අවුරුදු 20 යි කියා ලෝෂිත පවසද්දී ඔහුගේ අනාගතය ගගැන සැළසුම් සිහින නිරවුල් කර ගන්න වෙහෙසෙද්දී තවමත් 17 හැවිරිදි ෂියන්ති සිටින්නේ ද දුර බලන්නට නඟින්නට හැකි ඉඩක් නැති කම්පාවෙන්ය.ෂියන්තිගේ ඒ කම්පාව වචන කර ගන්නට ඇයට අපහසු මොහොතේ ඒ වෙනුවෙන් හඬකැවීමේ වගකීම ගත්තේ තාත්තාය.

“එයා හොඳට ඕලෙවල් පාස්.දැන් බලංගොඩ දෙමළ විද්‍යාලයෙ ඉන්නෙ.ස්කෝලෙ හොඳයි.ඒ වුණාට සොෆ්ට් බෝල් විතරනෙ තියෙන්නෙ.දෙමළ භාෂාවෙන් ඉගෙනගන්න පුළුවන් කාන්තා ක්‍රිකට් තියෙන ස්කෝලයක් කොළඹවත් නැහැනෙ“
ෂියන්ති ඇයගේ මුල්ම පුහුණුකරු වූ අජන්ත ගැනත්,දිස්ත්‍රික් පුහුණුකරු තිළිණ ගැනත්,පළාත් පුහුණුකරු තරිඳු ගැනත් දක්වන්නේ භක්තිමත් ස්තූතියකි.එහෙත් ඒ සියලු දෙනා ඇය වෙනුවෙන් බලංගොඩ හෝ රත්නපුර හෝ තැනෙක පුහුණුව ක්‍රියාත්මක කරන මොහොතකදී මිස අඛණ්ඩව එක දිගට පුහුණු වෙන්න ක්‍රමයක් නැත.

“දිස්ත්‍රික් එකේ සර්ලා හොඳට කතා කළා.එයාලා කතා කරපු හැටියට මොනව හරි හදලා දෙයි.දිගට ක්‍රිකට් ගහන්නයි ඕනි.එක දිගට ගොඩක් සෙල්ලම් කරොත් මට 100 ට වඩා දාන්නත් පුළුවන් වෙයි.“
දැනට වේගවත්ම පන්දු යවන්නිය වීමට පැයට කිලෝ මීටර් 98 ක වේගයකින් පන්දු යැවූ ෂියන්ති පවසයි.
“දුවට මේ පාර ප්‍රොවින්ෂල් හම්බ වුණෙත් නැහැ.තෝරන්න ගහපු මැච්වලදි එක ඕවරය ඕවරය හම්බ වුණේ.ඒවට ලකුණු ගැහැව්වෙත් නැහැ.දුවට විතරක් නෙමෙයි ඉතිං අපිටත් දුක හිතුණා.ඒත් ඉතිං රත්නපුර දිස්ත්‍රික් එක මේ කරන වැඩේ නිසා විශ්වාසයක් තියෙනවා.ක්‍රිකට් එකේ උඩත් ගමේ ක්‍රිකට් හොඳට කරන්න උදව් කරනවා.දක්ෂයො හොයනවා දකින නිසා දුවටත් අපිටත් එයාගෙ දක්ෂකම් එක්ක ගමණක් යන්න පුළුවන් කියලා දැනෙනවා.“

ලෝෂිත 20 ය.ෂියන්තිට ඊටත් වඩා අඩුය.ඒ රත්නපුර වේගයට පෙරට යන්නට හැකියාව සැකසිය යුතුය.
“අපි පුළුවන් උපරිමය කරනවා.ගම්වල ස්කෝල එක්ක කතා කරලා හොඳ දක්ෂයො හොයලා මේ වැඩේ කරන්න රත්නපුරේ ක්‍රිකට් තියෙන පාසල්වල උදව්ව ගන්න අපේ සැළසුම්වලට අධයාපන අමාත්‍යංශ මට්ටමෙන් අවශ්‍යය සහයෝගය ගන්න ක්‍රිකට් බෝඩ් එක උදව් කරයි කියන විශ්වාසයත් තියෙනවා.මේ වැඩේදි වුණත් අපේ ස්වාධීනත්වය තියාගෙන,මේ වැඩේ ඉහළින්ම කරන්න අවශ්‍යය පසුබිම සහ විශ්වාසය දෙන්න ශම්මි සිල්වා සභාපතිතුමාගේ ඉදලා මේකට සම්බන්ධ වුණ හැම කෙනෙක්ම තමන්ගෙ උපරිමය ලබා දුන්නා.“
මේ වේගයන් හී බලාපොරොත්තු මෝදු කරන්නට අවශ්‍යය පොළව සකස් කළ රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ප්‍රසන්න ගමගේ පවසන්නේ තමන්ට දිස්ත්‍රිත්කයේ දක්ෂයන් හොයා යන ගමණට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් උපරිමය තව දුරටත් ලැබෙන බවට වන විශ්වාසය තබා ගෙනය.

මෙහි ඉහලම දක්ෂතා දැක්වු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් රත්නපුර දිස්ත්‍රික් වේග පන්දු සංචිතය ආරම්භ කිරීමට නියමිතය.එයද ඉලක්ක කරගෙන පැවති මේ වැඩ සටහනේ දී වේගය සළකා බැලීමට අමතරව අනාගතය වෙනුවෙන් ප්‍රේමයද වපුරමින්මෙම අවස්ථාවට සමගාමිව වයස 15 පහල අන්තර් පාසල් දෙවන පෙල ක්‍රිකට් තරගාවලියේදී ශුරතාව දිනු ඇඹිලිපිටිය ජානාධිපති විදුහල් ක්‍රිකට් කංඩායම ඇගයීමට ලක්කරමින් රැපියල් 100,000 මුදලක් රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය මගින් පරිත්‍යාග කිරීමද සිඳු කෙරුණි.

ප්‍රධාන අනුග්‍රාහක Ceylon Sapphire Meaning Pvt Ltd අධිපති සංජිව ෆොන්සේකා මහතාටත් සහ Green Agro Pvt Ltd ආයතනය වගේම විවිධ අයුරින් රත්නපුර වේගය සොයා ගැනීමට සවියක් වුණ සියල්ලටත් ප්‍රසන්න සිය ස්තූතිය පුද කරන්නේ ඉදිරියටත් මෙවැනි පලදායි වැඩ සටහන් තුළ ඔවුන් සම්බන්ධයෙන් වන විශ්වාසය නොබිඳ පවත්වා ගනිමින්ය.

