රටට මේ පලදෙන්නේ කාගේ සාපයද?

Date:

තවදුරටත් රටට අවශ්‍ය ඉන්ධන (ඩීසල් සහ පෙට්‍රල්) ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව මඟින් ණයවර ලිපි විවෘත කර ගැනීමට කර තිබෙන උත්සහය ආසාර්ථක වී ඇති බව වාර්තා වෙයි.

ඉන්ධන ගෙන්වීම සඳහා අවශ්‍ය වන ඩොලර්මි ලියන 100ක පමණ මුදල මහ බැංකුව මඟින් නිකුත් කිරීමට සූදානම් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇතත් එම ණය වර ලිපි විවෘත කර ගැනීමට නොහැකි වීමෙන් රජය මහතා අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින බව සඳහන්.

පසුගිය 09 වැනිදා සහ 10 වැනිදා ඉන්ධන ගෙන්වා ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමේ අවශ්‍යතාව මතුව තිබුණ අතර එම කටයුත්ත භාර වී ඇත්තේ ලංකා බැංකුව වෙතය.

එහෙත් ලංකා බැංකුවට එම ණයවර ලිපි විවෘත කරීමේ හැකියාවක් නැති බව බැංකුව විසින් රජයට දැනුම් දී ඇත.

අනතුරුවයි මහජන බැංකුව වෙත ඉන්ධන ගෙන්වීම සඳහා ණයවර ලිපි විවෘත කිරීම භාර වී ඇත්තේ

රට වැටී තිබෙන මූල්‍ය බංකොලොත්භාවය මත විදෙස් සමාගම්වල විශ්වාසය බිඳ වැටීම නිසා මහජන බැංකුව විසින් ණයවර ලිපි විවෘත කර ගැනීමට නම් එයට තුන්වන පාර්ශවයක් ලෙස ජාත්‍යන්තරව පිළිගත් බැංකුවක අනුමැතිය ලබා ගන්නා ලෙස දන්වා තිබී ඇති අතර ඒ අනුව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ඒ සඳහා සූදානමින් පසුවුවද ඔවුන්ගේ මූලස්ථාන ශාඛාව විසින් එයට අනුමැතිය ලබා දී නැත.

ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් විශ්වාසය පළුදු වී තිබීම එයට හේතුව වී ඇත.

ඉන්ධන සැපයුම්කරුවන්ට පසුගිය වසරේ ජූනි සිට මේ දක්වා ඩොලර් මිලියන 735ක ණයක් ගෙවීමට තිබීම හේතුවෙන් නව මිල දී ගැනීම් සඳහා වන ටෙන්ඩර් කැඳවීමට එම සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීම මෙම අර්බුදකාරී තත්ත්වයට හේතු වී තිබේ.

ඒ අනුව ගැලවුම්කරු ලෙස සිටි තුන්වන පාර්ශවය වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ මූලස්ථාන ශාඛාව පවසා ඇත්තේ ඔවුන් සතුව ඇත්තේ ඔවුන්ගේ තැන්පත්කරුවන්ගේ මුදල් මිස ශ්‍රී ලංකා රජයේ මුදල් නොවන හෙයින් අනවශ්‍ය අවධානමක් ගැනීමට නොහැකි බවයි.

ඒ අනුව මහජන බැංකුවටද එම ණයවර ලිපි විවෘත කරගැනීමේ හැකියාව ගිලිහි ගොස් තිබෙන බවයි වාර්තා වුණේ.

ඊයේ දින පැවති මාධ්‍ය හමුවේදී විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා මහජන බැංකුව විසින් ඉන්ධන ගෙන්වා ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේ කටයුත්ත සිදුකෙරෙමින් පවතින බවට පැවසුවේය.

එහෙත් එම ණයවර ලිපි විවෘත කර අවසන් වන තුරු ඊළඟ ඉන්ධන නව පැමිණෙන දිනයක් ගැන නිශ්චිතව සඳහන් කළ නොහැකි බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව දැන් මහජන බැංකුවෙන් ගිලිහි ඇත්තේ ද අමාත්‍යවරයා කියන මෙකී අවස්ථාවද යන ප්‍රශ්නය මතුවෙයි.

අවසානයේදී මුදල් තිබුණද රටට ඉන්ධන ගේනවා ගැනීමට නොහැකි වන තත්ත්වයකට රට පත්ව තිබෙන බව පෙනෙන්නට තිබේ.

පවතින තත්ත්වය අනුව ඉදිරි කාලය තවදුරටත් ඉතා දුෂ්කර වනු ඇති බව නම් නිගමනය කළ හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...