පුහුණු විදේශ සේවක වීසා අයදුම්කරුවන් සඳහා ට්‍රම්ප් ඩොලර් 100,000 ක නව ගාස්තුවක් අය කිරීම ඉන්දීය සමාගම්වල විවේචනයට

0
250

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ(20)දිනයේදී H-1B වීසා වැඩසටහනට අයදුම්කරන විදේශීය සේවකයින් සඳහා වාර්ෂිකව ඩොලර් 100,000 (£74,000) ක ගාස්තුවක් අය කිරීමට අදාළ විධායක නියෝගයකට අත්සන් කිරීම ඉන්දියාවේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

මෙම H-1B සේවක වීසා සඳහා එකතු කරන ලද නව ඩොලර් 100,000 ගාස්තුව හේතුවෙන් සමාගම්වලට විද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ පරිගණක ක්‍රමලේඛකයින් වැනි විශේෂිත කුසලතා ඇති විදේශීය සේවකයින් වෙනුවෙන් ගෙවිය යුතු අතර අදාළ සේවකයා රජයට වසරකට ඩොලර් 100,000 ක ගෙවීමක් කිරීමට තරම් වටිනා පුද්ගලයකුද, නැතහොත් ඔවුන් නිවසට යා යුතුද, ඔවුන් ඇමරිකානුවෙකු බඳවා ගත යුතුද යන්න සමාගම තීරණය කරනු ඇත.

නව ගාස්තුව ට්‍රම්ප් පරිපාලනය රටේ තාවකාලික රැකියා වීසා ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට ගත් වඩාත්ම ඉහළ උත්සාහය සනිටුහන් කරන බව විශ්ලේෂකයන් සඳහන් කරන අතර මෙම බදු අයකිරීම සැප්තැම්බර් 21 එනම් අද දින සිට ක්‍රියාත්මක වනු ඇත.

මේ සමබන්ධයෙන් බිලියනපති එලොන් මස්ක් ඇතුළු සමාගම් හිමිකරුවන් සඳහන් කර තිබුණේ, මෙම නව බාදත් සමඟ එක්ස්ටැහැ ජනපදාජ තවදුරටත් රැකියා සඳහා ආකර්ෂණය නොවන ස්ථානයක් වන බවත්, වැදගත් තාක්ෂණික අංශයේ රැකියා පුරප්පාඩු පිරවීමට එක්සත් ජනපදයට ප්‍රමාණවත් දේශීය දක්ෂතා නොමැති බවත්ය.

පසුගිය වසරේ H-1B වීසා බලපත්‍රවල විශාලතම ප්‍රතිලාභියා වූයේ ඉන්දියාව වන අතර ජනාධිපති ට්‍රම්ප් අද(21)දි සිට බලාත්මක වන ගාස්තුව ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසු විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියාවේ ඩොලර් බිලියන 283 ක තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ කර්මාන්තය නියෝජනය කරන Nasscom ප්‍රකාශ කර තිබුණේ, එක් දිනක කාල සීමාවක් ලොව පුරා ව්‍යාපාර, වෘත්තිකයන් සහ සිසුන් සඳහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කරන බවත් ඉන්දියානු ජාතිකයන්ට බලපානු ඇති බවත්ය.