ඇල්ල ප්‍රදේශයේ සිදු වු  බස් අනතුර පිළිබඳ අවසන් විමර්ශන වාර්තාව නිකුත් වෙයි!

0
220

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW :

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින්, ඇල්ල ප්‍රදේශයේ සිදු වු  බස් අනතුර පිළිබඳ අවසන් විමර්ශන වාර්තාව නිකුත් කර තිබේ.

එම අනතුරින් පුද්ගලයින් 16 දෙනෙකු මරණයට පත් විය.  

තිරිංග පද්ධතියේ පැවති දෝෂය සහ රියදුරුට රථය පාලනය කිරිමට නොහැකි වීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ පංචපුද්ගල කමිටුව අනාවරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

හෙට (22) එම කමිටුවේ අවසන් වාර්තාව ප්‍රවහන හා මහාමාර්ග අමාත්‍යංශයට භාරදිමට නියමිතව තිබේ.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 23 වැනි කිලෝ මීටර් කණුව අසලදී ඉකුත් 4 වැනිදා බස් රථයක් ප්‍රපාතයකට පෙරළමෙන් එම අනතුර සිදු වී අතර, අනතුරින් පුද්ගලයින් 15  දෙනෙකු මියගිය අතර ප්‍රතිකාර ලබමින් සිටි තවත් කාන්තාවක් පසුගිය 12 වැනිදා මිය ගිය බව වාර්තා වේ.

විනෝද චාරිකාවකට එක්ව සිටි තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් එලෙස මියගොස් තිබුණි.