පුහුණුවේ වීරයන්

0
167

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW :

ජපානයේ පැවත්වෙන මලල ක්‍රීඩා සූරතාවලියේදී මීටර් 100 ඉසව්ව ජය ගැනීමට සමත් වන්නේ ජැමෙයිකාවේ ඔබිලික් සෙවිලි යි.ඔහුගේ ජයග්‍රහණය වගේම උසෙයින් බෝල්ට් ට පසුව මීටර් 100 ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙනෙන ක්‍රීඩකයෙක් බිහිවිම වගේම මේ දෙදෙනාම එකම පුහුණුකරුවෙකුගේ වීම ගැනත් කතා කළා.ග්‍ලේන් මිල්ස් ලෝක සූරයන් බිහි කරන්නහම උපන් පුහුණුකරුවෙක් බව එම ජයග්‍රහණය හරහා නැවත නැවතත් කතා කරන්නට පටන් ගත්තා.


ඒ වගෙම ජවන ඉසව්වල මිල්ස් ගැන කතා කරනවා වගේම පිටියේ ඉසව්වලත් ආචාර්ය ක්ලවුස් බර්නොඑට්ස් ගැන ඒ විදිහට කතා වෙන්න ගත්තෙ 32 හැවිරිදි කේසොන් වෝල්කොට් ජය ගැනිමෙන් පසුවයි.2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ රන් පදක්කමෙන් පසුව ඔහුට 2015 දී රියෝද ජැනේයිරෝ ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම දිනා ගන්නවා.එතනින් පසුව වැඩි අවධානයක් යොමු නොවුණු වොල්කොට් මේ පාර ලෝක සූරයා වන්නේ ආචාර්ය ක්ලවුස් යටතේයි.


පුහුණු තාක්ෂණය කියන්නෙ වෙනම කාරණයක් කියන දේ පිළිබඳ ඉඟියක් පළ කරන මේ පුහුණුකරුවන් දෙදෙනා තරගයකදී බලපාන පාරිසරික කාරණා වැනි සිරුර හා සෘජුව සම්බන්ධ නොවන කරුනුද සිය කළමණාකරණයට හසුවන ආකාරයේන් ලෝක සූරයන් තැනීමේ කාරණය සුවිශේෂියි.විචිත්‍රයි.


එ් නිසාම ෆෙස් බුක් සටහනක් ලෙස දුටුව දක්ෂ පුහුණුකරුවෙක් වූ සහ ක්‍රීඩා තර විශ්ලේෂණයේ හපන්කම් පාන මාධව බණ්ඩාර සෙනර්ගේ මේ සටහන උපුටා ගන්නට තීරණය කළා.ඔහු ආචාර්ය ක්ලවුස් සමඟ යම් සම්බන්ධයක්ද ඇති නිසා ඒ සටහන ඔබට වැදගත් වනු ඇති.
මේ කතාව Javelin එක ගැන..


ඔව් ඒත් අපේ අනාගත බලාපොරොත්තුව රුමේෂ් තරුණය ගැන නෙවෙයි, වයසක මහල්ලෙක් ගැන.
Dr. Klaus Bartonietz
Dr. Klaus ගැන ගොඩක් අය දන්නෙ Neeraj Chopra ට Olympic සහ World Championship රන් පදක්කම් දිනන්න පුහුණු කරපු පුහුණු කරුව විදියට, ඒත් Dr. Klaus කියන්නෙ ඊට වඩා ලොකු ඉතිහාසයක් තියෙන Javelin එක ගැන සිංහලෙන් කිව්වොත් අතැඹුලක් සේ දන්න ජීව යාන්ත්‍රණය (biomechanics) සම්බන්ඳව විද්‍යාඥයෙක්. Dr. Klaus ගෙ ගෝලයෙක් මුලින්ම මීටර් 90 ක throw එකක් දැම්මෙ 1997 දි ජර්මනියෙ Boris Henry. Boris Henry(දැන් Boris Obergfoll) කියන්නෙ Javelin එක මීටර් 97 ක් දාපු johannas Vetter ගෙ Coach. තව විදියකට කිව්වොත් Vetter ගෙ coach ගෙ coach තමයි Dr. Klaus කියන්නෙ. Vetter ගෙ කතාව මේකට අදාල නැති වුනත් වැඩි දුර දැන ගැනීමටයි ඒක කිව්වෙ.


Dr. Klaus කියන්නෙ අවුරුදු 15 ක් විතර German Olympic training center ඒකේ පුහුණු කරුවෙක් සහ biomechanist කෙනෙක් විදියට වැඩ කරල ඊට පස්සෙ චීනෙන් ලැබුනු ආරාධනයකට චීනෙට ගිහිල්ල එහෙ අයටත් උගන්නල පස්සෙ world Athletics එකෙ පුහුණුකරුවන්ගෙ පාඨමාලා වල course director කෙනෙක් විදියටත් වැඩ කරල ඊට පස්සෙ තමයි 2019 දි ඉන්දියාවෙන් ලැබුනු ආරාධනයකට අනුව Chopra ට Coach කරන්න පටන් ගත්තෙ.


Dr. Klaus ට කලින් Chopra ව coach කරේ ජර්මනියෙම Uwe Hohn. Uwe Hohn කියන්නෙ Javelin එක (Old Specification) මීටර් 104 ක් දාපු කෙනෙක් (ඒ throw එකෙන් පස්සෙ තමයි Javelin එකේ specification වෙනස් කලේ). ඒත් එයාගෙ coaching, Chopra ට එච්චර ගැලපුනේ නැති නිසා දිගින් දිගටම ආබාධ ආව. ඒ නිසා තමයි Dr.Klaus ට Chopra ව පුහුණු කරන්න ආරාධනා ලැබුනෙ. ඒ වගේම Dr. Klaus ට පුළුවන් වුනා Chopra ගෙ ආබාධ සුව කරල එයාව ඔලිම්පික් සහ ලෝක ශූරතා රන් පදක්කම් දිනන්න මග පෙන්වන්න. ඒත් 2024 දි Chopra ඔලිම්පික් රිදී පදක්කම දිනුවට පස්සෙ Dr. Klaus තීරණය කරනව පුහුණු කිරීම් වලින් විශ්‍රාම අරගෙන ජර්මනියෙ තමන්ගෙ පවුලෙ අයත් එක්ක අවසාන කාලය ගත කරන්න ඕනෙ කියල.(සමහරවිට මම ආයෙත් කියනව ‘සමහරවිට’ ඔලිම්පික් රන් පදක්කම පකිස්තානය දිනුව නිසා ඒ ගැන ඇහුන කතාබහක් නිසා ඔහු මෙතනින් අයින්වෙන්න තීරණය කලාද දන්නෙ නැහැ. මොකද Dr. Klaus අනුන්ගෙ හිත් රිදවන්න කැමති නැති හරිම මිත්‍රශීලී චරිතයක්(මම Dr. Klaus ගැන දන්නෙ කොහොමද කියල පස්සෙ කියන්නම්))
කොහොම වුනත් Chopra ගෙන් 2024 ඔක්තෝබර් මාසෙ සමු ගත්තත්, ඒක දැන ගත්තු Keshorn Walcott ගෙ කළමණාකරු, Dr.Klaus ට කතා කරල Walcott ව පුහුණු කරන්න කියල ආරාධනා කරනව. මුලින්ම Walcott ව පුහුණු කරන්නෙ ජර්මනියෙ ඉඳගෙන දුරකථන මාර්ගයෙන්, Walcott කියන විදියට ඔහු වෙනද පුහුණුවීම් කරන ප්‍රමාණයෙන් 50% ක් විතර අඩු කලාලු. පහසුවෙන් Javelin එක දාන්න කියල දුන්නලු. කොහොමවුනත් මෙහෙම මාස 6 ක් විතර දුරකථන මාර්ගයෙන් පුහුණුවීම් කරල මේ දෙන්න එකට හමුවෙලා තියෙන්නෙ මේ අවුරුද්දෙ අප්‍රියෙල් මාසෙදි (Doha Diamond league එකට සති දෙකකට කලින්) Doha Diamond league එකේ 4 වෙනිය වුනත් 84 ක් දැම්ම නිසා Dr.Klaus ගැන තියෙන විශ්වාසය වැඩි වුනා කියල Walcott කියන්නෙ. ඊට පස්සෙ අගෝස්තු සැප්තැම්බර් මාස ඉලක්ක කරගෙන පුහුණුවීම් කරාලු. ඒකෙ ප්‍රතිඵලය තමයි Keshorn Walcott 2025 ලෝක ශූරය වීම. 2012 දි වයස 19 දි ඔලිම්පික් ශූරය වෙන්න ලැබුනත් ආයෙත් 2016 ඔලිම්පික් වලදි ගත්ත ලෝකඩ පදක්කම හැර ලෝක මට්ටමේ කිසිම පදක්කමක් Walcott ට දිනන්න ලැබුනෙ නැහැ 2016 න් පස්සෙ තිබුන ලෝක ශූරතා තරඟවලදි 11 වෙනි ස්ථානයට වඩා ඉහළට එන්න Keshorn ට පුළුවන් වුනේ නැහැ.


කොහොමහරි අන්තිමට 2023 දි Neeraj Chopra ව ලෝක ශූරය කරපු පුහුණු කරුම 2025 දි Keshorn Walcott ව ලෝක ශූරය කලා. මේ කතාවෙ අනිත් පැත්ත තමයි Dr. Klaus ගෙන් පස්සෙ ඉන්දියාව Chopra ව පුහුණු කරන්න බාර දුන්නෙ Javelin එකේ ලෝක වාර්තාව තියෙන Jan Zelezny ට, Zelezny ක්‍රීඩකයෙක් හැටියට අදගන්න බැරි හැකියාවක් තිබුනට සාර්ථක පුහුණු කරුවෙක් වුනේ නැහැ. 2007 ලෝක ශූරය Tero Pitkamaki අවසාන කාලයේ Zelezny සමග පුහුණුවීම් කරත් ඔහු අසාර්ථක වුනා. කාන්තා හෙල්ල විසි කිරීමේ ලෝක වාර්තාව තියෙන Babora Spotakova ත් ඔහු ලඟ සාර්ථක නොවූ ක්‍රීඩිකාවක්. Neeraj Chopra පුහුණුවීම් ගැන කියල තිබුනෙ Zelezny ගෙ පුහුණුවීම්වල තීව්‍රතාවය(Intensity) වැඩි බවයි. උදාහරණයක් විදියට විසිකිරීම් සහ බර ඉසිලීමේ ව්‍යායම එකම දවසේ වරු දෙකක Dr. Klaus යටතේ නොකළත් දැන් එසේ කරන බව කියනව. මෙවර ලෝක ශූරතාවයේදී Chopra ගේ දක්ෂතා අඩුවීමට හේතුව ලෙස ඔහු පවසන්නේ සති දෙකකට කලින් ඇතිවූ කොන්දේ ආබාධයක්(එය අධික තීව්‍රතාවය නිසා විය හැකියි)


මෙහි මා දැනගත් වැඩි විස්තර දක්වා ඇත්තේ මෙයින් අපේ පුහුණු කරුවන්ට සහ ක්‍රීඩකයන්ට යම් අදහසක් ලබා ගත හැකි නිසයි. කොහොම වුනත් අපට මේ කතාවෙන් පැහැදිලි වෙන දෙයක් තමයි අවශ්‍ය ප්‍රමාණයට පමණක් පුහුණුවීම් කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිබව සහ Dr. Klaus Bartonietz සතුව හෙල්ල විසිකිරීම පිළිබඳව ඇති ඉහළ මට්ටමේ අවබෝධය.
තව පොඩි දෙයක් කියන්න තියෙනව මීට අවුරුදු 8 කට කලින් 2017 දි මම Coaching Level II Course එක කරද්දි අපේ Course Director වුනේ Dr. Klaus Bartonietz. 2007 විතර ඉඳල Dr. Klaus ගෙ ලිපි කියවල ඔහුගැන දැනගෙන හිටපු නිසා ඒ අවස්ථාව මගෙ සිහිනයක් සැබෑවීමක්. ඔහු ඉතා සරල හරිම මිත්‍රශීලී පුද්ගලයෙක්. ඔහු හැම අවස්ථාවකදීම අපිට යමක් මතක හිටින විදියට කියල දෙන්න උත්සහ කලා. Photo එකක් ගනිද්දිත් ඔහු හිටියෙ කකුල block කරන විදියට තියාගෙන.(1st comment)
එතුමාගේ දැනුම ලෝකයට බෙදා දෙන්නට එතුමාට දීර්ඝායුෂ ලැබේවා.