අනුර ජනපති වී වසරයි: මැතිවරණ පොරොන්දුවලට දැන් සිදුව ඇත්තේ කුමක් ද?

0
106

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක ඓතිහාසික ජයක් ලැබූ ජනාධිපතිවරණය පවත්වා අදට වසරක් ගත වී තිබේ.

2019 ජනාධිපතිවරණයේදී 3%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් හිමි කර ගැනීමට සමත් වූ ඔහු ඉතිහාසයේ පළමු වරට දෙවන මනාපය ගණනය කළ එම ජනාධිපතිවරණයේදී ජයග්‍රාහකයා බවට පත්විය.

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් දීර්ඝතම ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඉදිරිපත් කළේ, ඔහු ය.

එය “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ලෙස නම් කර තිබිණි.

එහි අංශ කිහිපයක් යටතේ එක් එක් අංශයේ සිදු කිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් සඳහන් කර තිබිණි.

ඉටු කළ සහ මෙතෙක් ඉටු නොකළ පොරොන්දු

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙන් ම ඔවුන්ගේ වසර ගණනාවක මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල ද තිබු ප්‍රධාන පොරොන්දුවක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ය. එමෙන් ම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ද ඔවුන්ගේ එක් මැතිවරණ පොරොන්දුවක් විය.

කෙසේ නමුත්, මේ දක්වා කාලය තුළ ඒ සඳහා පියවර ගන්නා බවක් පෙනෙන්නට නොමැති අතර, බීබීසී සිංහල විසින් පසුගිය කැබිනට් මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසන ලදී. ඔහු පැවසුවේ, මෙතෙක් ඒ සමබන්ධයෙන් පියවරක් ගැනීමට නොහැකි වූ නමුත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ය.

තව ද පාස්කු ප්‍රහාරයට වගකිව යුතු දේශපාලනඥයන් සහ නිලධාරීන්ට එරෙහි කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම එක් මැතිවරණ පොරොන්දුවක් වුව ද, තවමත් එහි පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතියි.

එමෙන් ම, ත්‍රස්තවදය වැළක්වීමේ පනත අහෝසි කිරීම සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට සංශෝධන ගෙන ඒම මෙතෙක් සිදු කර නොමැති නමුත් ඒ සඳහා අවශ්‍ය මූලික පියවර මේ වන විට ගනිමින් ඇති බව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පසුගිය දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට එක්වෙමින් පැවසීය.

වඩාත් ආන්දෝලනයට ලක්වූ ජනාධිපතිවරුන්ගේ නාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත සැප්තැම්බර් 10 වන දින සම්මත කෙරුණු අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගෙන් බහුතරයක් සිය නිල නිවාස නැවත භාර දී ඒවායින් පිටව ගොස් තිබේ.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි කිරීමේ පොරොන්දුව වසර ගණනාවක් පුරා සාකච්ඡා වූ කරුණක් වූ අතර, මේ වන විට ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සිදු කිරීමට ද කැබිනට් අනුමැතියක් හිමි ව තිබේ.

මේ එවැනි ප්‍රධාන මැතිවරණ පොරොන්දු 15ක් සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පිළිබඳව බීබීසී සිංහල කළ සොයා බැලීමකි.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වී වසර යි
මැතිවරණ පොරොන්දුවලට දැන් සිදුව ඇත්තේ කුමක් ද?

ජනාධිපතිවරණයට පෙර ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් ප්‍රධාන මැතිවරණ පොරොන්දු 15ක් ඇසුරින්

මැතිවරණ පොරොන්දුවවර්තමාන තත්ත්වය
විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ කලත්‍රයන්ට දී ඇති විශ්‍රාම වැටුප්, විශේෂ දීමනා හා වරප්‍රසාද අහෝසි කිරීමඉටු කර ඇත
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපනය කිරීම සහ විධායක බලතල රහිත ජනාධිපතිවරයෙකු පත් කිරීමතවම ඉටු කර නොමැත
විද්‍යාත්මකව වෙන් කරන ලද අමාත්‍යංශ 25කට ඇමතිවරුන් 25ක් සහ අනුරූපී නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමඅමාත්‍යංශ 21ක් සඳහා කැබිනට් අමාත්‍යවරු 21ක් හා නියෝජ්‍ය ඇමතිවරු 29ක් පත් කර ඇත
රැකියා සඳහා රටින් පිටත සංක්‍රමණික පුද්ගලයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමකැබිනට් අනුමැතිය හිමිව තිබේ
රට තුළ මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩපැවැත්වීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමආරම්භ කර තිබේ
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සංශෝධනය කිරීමතවම ඉටු කර නොමැත
මහජන නියෝජිතයන් නැවත කැඳවීමේ බලය ජනතාවට ලබා දීමතවම ඉටු කර නොමැත
පුද්ගලයන් සඳහා වාර්ෂික බදු නිදහස් සීමාව රු. ලක්ෂ 12 සිට ලක්ෂ 24 දක්වා වැඩි කිරීමබදු නිදහස් සීමාව රු. ලක්ෂ 18 දක්වා පමණක් වැඩි කර තිබේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමකැබිනට් අනුමැතිය හිමිව තිබේ
ප්‍රජාශක්ති ජාතික සමාජ ආරක්ෂණ අරමුදලක් ආරම්භ කිරීමඉටු කර ඇත

මූලාශ්‍රය: බීබීසී පර්යේෂණ