හොරෙන් ඉන්ධන බෙදූ බවුසර් 03 ක බලපත්‍ර අත්හිටුවයි

0
781

ඉන්ධන ප්‍රවාහන බවුසර් 03 බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටින අතරතුර නීතිවිරෝධී ලෙස ඉන්ධන බෙදා ඇති බවට එල්ල වූ චෝදනා මත මෙම පියවර ගෙන තිබේ. අදාල චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම පරීක්ෂණ අවසන් වනතුරු බවුසර් රථවලට අදාල බලපත්‍ර අත්හිටුවීමටයි තීරණය කර තිබෙන්නේ.

ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටින අතරතුර බූලිවලට ඉන්ධන ලබාදෙන ආකාරය පිළිබඳව සමාජ ජාලා මාධ්‍ය හරහා පසුගිය දිනවලදී අනාවරණය විය.

UN