කළුතර ඉන්ධන පිරවුම්හලකත් නොසන්සුන්තාවක්. හමුදාව අහසට වෙඩි තියයි (VIDEO)

0
530

කළුතර, මීගහතැන්න ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී ඊයේ (19) පස්වරුවේ නොසන්සුන්තාවක් ඇතිවී තිබේ.

ඉන්ධන ලබාගැනීම සඳහා අතිවිශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටියදී කෑන් සහ බූලිවලට ඉන්ධන නිකුත් කිරීම නිසා මෙසේ නොසන්සුන්තාවක් උද්ගත වී ඇති අතර තත්වය පාලනය කිරීම සඳහා යුධ හමුදාව විසින් අහසට වෙඩිතබා ඇති බවත් වාර්තා විය.

පසුගිය දින කිහිපය තුළ ස්ථාන රැසකදී දීර්ඝ ඉන්ධන පෝලිම්වල යම් යම් නොසන්සුන්කාරී තත්වයන් උද්ගතව තිබිණි.

RN