ලෝක පැරා මලල ක්‍රීඩා උළෙලට ලංකාවෙන් පහක්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 25, කොළඹ LNW:

ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 5 දක්වා ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එම ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට යාමට පෙර ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍යවරයා මුණ ගැසිණ.ක්‍රීඩා අමාත්‍යංශය විසින් පවතින චක්‍රෙල්ඛවලට අනුව ජයග්‍රාහී පැරා ක්‍රීඩකයන්ට ගෙවිය යුතු ගෙවීම් නොකර තිබියදී පවා රටේ ක්‍රීඩාවේ ප්‍රධානියා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා හමුවීමට තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කටයුතු කළහ.


තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයින්,පුහුණුකරුවන් ඇතුළු කණ්ඩායම අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී ගන්නා ලද ඡායාරූපය මේ සමඟ පළවන අතර පහතින් දැක්වෙන්නේ තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන් නියෝජනය කරන ඉසව් කවරේද යන්නයි.

  • නුවන් ඉන්දික (T44 මීටර් 100, මීටර් 200, දුර පැනීම)
  • ප්‍රදීප් සෝමසිරි (T46 මීටර් 1500)
  • පාලිත බණ්ඩාර (F42, F63 යගුලිය දැමීම)
  • ඩී.බී. හේෂාන් (T46 මීටර් 100, දුර පැනීම)
  • ඩබ්ලිව්.ඒ. ජනනි (T46 මීටර් 100, දුර පැනීම)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...