ලෝක පැරා මලල ක්‍රීඩා උළෙලට ලංකාවෙන් පහක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 25, කොළඹ LNW:

ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 5 දක්වා ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එම ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට යාමට පෙර ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍යවරයා මුණ ගැසිණ.ක්‍රීඩා අමාත්‍යංශය විසින් පවතින චක්‍රෙල්ඛවලට අනුව ජයග්‍රාහී පැරා ක්‍රීඩකයන්ට ගෙවිය යුතු ගෙවීම් නොකර තිබියදී පවා රටේ ක්‍රීඩාවේ ප්‍රධානියා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා හමුවීමට තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කටයුතු කළහ.


තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයින්,පුහුණුකරුවන් ඇතුළු කණ්ඩායම අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී ගන්නා ලද ඡායාරූපය මේ සමඟ පළවන අතර පහතින් දැක්වෙන්නේ තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන් නියෝජනය කරන ඉසව් කවරේද යන්නයි.

  • නුවන් ඉන්දික (T44 මීටර් 100, මීටර් 200, දුර පැනීම)
  • ප්‍රදීප් සෝමසිරි (T46 මීටර් 1500)
  • පාලිත බණ්ඩාර (F42, F63 යගුලිය දැමීම)
  • ඩී.බී. හේෂාන් (T46 මීටර් 100, දුර පැනීම)
  • ඩබ්ලිව්.ඒ. ජනනි (T46 මීටර් 100, දුර පැනීම)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...

කුරුල්ලෙක් ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන් යානය ගොඩබස්වයි!

කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්‍රී ලන්කන්...