අපේ දලකාරයන්ගේ අවධානයෙන් මිදුණු ක්‍රීඩාවක, ලෝකයේම අවධානය ලංකාවට හැරවෙන දවස් කිහිපයක්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 25, කොළඹ LNW:

මෙරට ක්‍රීඩාවේ දලකාරයන්ගේ අවධානයෙන් මිදුණු ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සැප්තැම්බර් 27 සිට ඔක්තෝම්බර් 4 දා දක්වා ලංකාවේදී ක්‍රියාත්මකයි.ඔස්ට්‍රේසියා මෙන්ම යූ ප්‍රෝ ඇරීනා යන ස්ථාන දෙක කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක මෙම තරගාවලිය ප්‍රධාන වශයෙන් කාන්තා සහ පිරිමි ලෙස බෙදී යන ආකාරයෙන්ම අවුරුදු 22 න් පහළ කාන්තා සහ පිරිමි ලෙස ද ක්‍රියාත්මක වෙනවා.


ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් හයක්,ඔස්ට්‍රේලියාව,නවසීලන්තය,එංගලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් කණ්ඩායම් 4 බැඟින් ද තරගාවලියට එක්වන අතර ඉන්දියාවෙන් සහ දකුණු අප්‍රිකාවෙන් කණ්ඩායම් තුන බැඟින් තරගාවලියට එකතු වෙනවා.සිංගප්පූරුවෙන් සහභාගි වන්නේ කණ්ඩායම් දෙකක් පමණක් වන අතර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් එක් කණ්ඩායමක් තරගාවලියට එකතු වෙනවා.


ශ්‍රී ලංකාවේ කණ්ඩායම් ද ඇතුළුව කණ්ඩායම් 31 ක් මේ සඳහා සහභාගි වෙනවා.ශ්‍රී ලංකාවේ කණ්ඩායම් හය ඉවත් කළ විට කණ්ඩායම් ගණන 25 ක් වෙනවා.එම කණ්ඩායමක ක්‍රිඩා පිටියට බසින කණ්ඩායමට අට දෙනෙකු ක්‍රීඩා කරන අතර එම අට දෙනා පමණක් ගණනය කර සකස් කළ ද,විදේශිකයන් 200 ක් මේ තරගයට එකතු වෙන අතර එය සුවිශාලය.ඒත් මේ තරග ඉසව්වට එතරම් වටිනාකමක් රාජ්‍යමය වශයෙන් ලැබී නැත.එය කණගාටුදායකය.


“අවුරුදු විසි ගණනක් මේ වැඩේ කෙරෙනවා.අපි එහෙම සහයක් නැතත් මේ මට්ටමෙන් කරලත් ලෝකෙ හොඳම කණ්ඩායම් හතරෙ අපේ ටීම් එක තියාගෙන ඉන්නවා.ක්‍රීඩා අමාත්‍යංශය මීට පසුව හෝ මේ ක්‍රීඩාව දිහා බලන එක වැදගත්.අධ්‍යාපන අමාත්‍යංශයත් හිතන්න ඕනි.ශ්‍රී ලංකා ක්‍රිකට් මේ දක්වා බැලුවට වඩා විශ්වාසයකින් ඉදිරියේදී අපි දිහා බලයි කියලා හිතෙනවා.මේක අවුට් ඩෝ ක්‍රිකට්වලට වැදගත් සිද්ධාන්ත තියුණු කරන ක්‍රීඩාවක්“ වත්මන් ගෘහස්ථ ක්‍රිකට් සභාපති හිරාන් ද මෙල් මාධ්‍ය හමුවේ පැවසීය.


එහෙත් දින කිහිපයක් පුරා ලෝකයේ ගෘහස්ත ක්‍රිකට් හා බැදුණු ලක්ෂ ගණනක පිරිසක් මේ ක්‍රීඩාව නිසා ලංකාව දිහා බලාගෙන ඉදීම රටට වැදගත් ආකර්ශණය දිනා දෙන ක්‍රියාවකි.එය ක්‍රීඩා අමාත්‍යංශයට හෝ ආණ්ඩුවට පමණක් නොව මේ රටේ දියුණුව අපේක්ෂා කරන කිසිඳු පුරවැසියෙකුට අගය නොකර සිටිය හැකි ඉසව්වකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...

ජපාන කැබිනට් මණ්ඩලය 2026 වර්ෂය සඳහා වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: චීනය සමඟ...