තවත් තිදෙනෙක් අල්ලස් දැලේ පැටලෙයි!

Date:

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (25) දින සිදු කරන ලද වැටලීම් දෙකකදී ගොවිජන සංවර්ධන නිලධාරියෙකු, කාර්යාල සේවක සේවයේ නිලධාරියෙකු සහ කාන්තා ආරක්ෂක නිලධාරිනියක අත්අඩංගුවට ගෙන තිබේ.

දෙණියාය ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් මාර්ගය ආසන්නයේ ඇති කුඹුරු ඉඩමක කන්ටේනර් පෙට්ටියක් තබා තිබිය දී එය පරීක්ෂා කිරීමෙන් පසුව ඒ සඳහා පැමිණිලිකරුට සහන සැලසීමත්, නීතිය මඟින් කටයුතු නොකර සිටීමත් වෙනුවෙන් රු.25,000ක අල්ලසක් ඉල්ලූ දෙනියාය, ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවයේ නියුතු ගොවිජන සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සමතුරෙයි ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ පැමිණිල්ලකට අනුව රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රුපියල් 11,000ක මුදලක් ඉල්ලා එය රු.10,000ක් දක්වා අඩුකර අල්ලස් වශයෙන් ලබා ගත් වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ රියදුරු බලපත්‍ර මුද්‍රණ අංශයේ කාර්යාල සේවක සේවයේ නිලධාරියෙකු ද ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිදුවීමට අදාළව ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවයේ නියුතු කාන්තා ආරක්ෂක නිලධාරිනියක ද අත්අඩංගුවට ගෙන ඇති බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම නිවේදනය කරන්නේ.

මෙම සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...