කාලය ඉතිරි කරමින්, රසය නිසිලෙස අත්විඳින්න – DinemoreGo!

Date:

සටහන – පුලී

සැප්තැම්බර් 27, කොළඹ (LNW): ශ්‍රී ලාංකිකයන්ගේ අතට රස නහර පිනායන ආහාර පමණක් නොව, වේගය සහ කඩිනම් පහසුව සලසාලමින්, Dinemore Ltd. සමාගම එහි නව පිටුවක් පෙරළමින් ‘DinemoreGo’ නම් නව සංකල්පය නිල වශයෙන් ප්‍රකාශනයට පත් කර ඇති බව සතුටින් දන්වමු.

‘DinemoreGo’ යනු නව පරපුරේ වේගවත් ජීවන රටාවට සරිලන අයුරින්, කඩිනම් සේවාවක්, පහසු ප්‍රවේශයක් සහ පොකට් එකට සරිලන මිල ගණනක් සහිතව, ජනප්‍රිය Dinemore රස අත්දැකීම ඔබ වෙත තවත් සමීප කරලන නව අදහසකි.



නව මංමාවතක් විවර කරමින්- ජාත්‍යන්තරයට!

ආහාර කර්මාන්තය තුළ මිනිසුන්ගේ විශ්වාසය දිනාගත් Dinemore, මෑතකදී International Restaurant Systems Ltd. සමාගම අයත් කරගත් අතර, එය මීට පෙර ලොව ප්‍රසිද්ධ ගෝලීය සන්නාමයක ෆ්‍රැන්චයිස් බලපත්‍රය දරණ සමාගමක් විය.

මෙම තීරණාත්මක මැදිහත්කම සමඟ, ශ්‍රී ලංකාව පුරා ප්‍රධාන නගරවල පිහිටි අවන්හල් 14ක් දැනටමත් Dinemore සතු වන අතර, මෙමඟින් Dinemore සන්නාමය තවත් ශක්තිමත් කරමින් දිවයිනේ මධ්‍යස්ථානවලට ගෙන ඒම ඔවුන්ගේ අභිප්‍රාය වීය.

30 වසරකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ගේ හදවත් තුළ රැඳී සිටි Dinemore ගුණාත්මකභාවය සහ විශ්වාසය, ‘DinemoreGo’ සමඟ තවත් අලුත් පන්නරයක් ලබන බවටත් සමාගම විශ්වාසයෙන් කියයි.



🗣️ නිර්මාතෘගේ පණිවුඩය

Dinemore හි නිර්මාතෘ එම්.එස්.එම්. රිෂාඩ් මහතාගෙන් ප්‍රකාශයක්!

“අපගේ ගමනේ උද්වේගකර නව අවධියක් සනිටුහන් කරමින් ‘DinemoreGo’ හඳුන්වා දීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. Dinemore සතු ගුණාත්මකභාවය සහ සේවාව පිළිබඳ උරුමය ඉදිරියට ගෙන යමින්, මෙම නව අලෙවිසැල් මගින් අපගේ නැවුම් සහ විශිෂ්ට ආහාරවල අත්දැකීම වඩාත් වේගවත්ව සහ පහසුවෙන් ලබා දෙනු ඇත.”


නව යුගයකට කෙරෙන ආරාධනාව!

‘DinemoreGo’ හඳුන්වාදීමත් සමඟ, Dinemore සමාගම ශ්‍රී ලංකාවේ ක්ෂණික සේවා අවන්හල් (QSR) ක්ෂේත්‍රයේ නායකත්වය තවත් තහවුරු කරමින්,
අනාගතයට අනූන ලෙස පරිණාමය වෙමින්, විශ්වාසය ඉදිරියට ගෙන යමින්, Dinemore දිවයිනේ ආහාර සංස්කෘතිය තුළ නව කඩයිමක් මෙසේ පසු කල වඟයි!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21...

It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein

සටහන – පුලී නොවැම්බර් 12, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටෝරෝගේ "Frankenstein(ෆ්‍රැන්කන්ස්ටයින්)"...

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය...

එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්

අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි...