අන්කාරා හි වෙසෙන නිර්වේතනික කොන්සල්වරුන් සහ ශ්‍රී ලාංකිකයන් විසින් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Date:

ශ්‍රී ලංකා රජයේ පරිශ්‍රමයට සහය වීම සඳහා අන්කාරා හි වෙසෙන නිර්වේතනික කොන්සල්වරුන් සහ ශ්‍රී ලාංකිකයන් විසින් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ

දූත මණ්ඩලය යොමු කළ ඉල්ලීමකට අනුව කොවිඩ්-19 වසංගතය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් තුළ භාවිතා කළ හැකි වෛද්‍ය උපකරණ තොගයක් තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ එර්සුරුම්, ඇලන්යා, බර්සා සහ ඉස්තාන්බුල් යන නගරවල සිටින නිර්වේතනික කොන්සල්වරුන් විසින් පරිත්‍යාග කරන ලදි.

ශ්‍රී ලංකා රජයේ දැවැන්ත ප්‍රයත්නයන්ට සහය වීම සඳහා පිරිනමන ලද මෙම පරිත්‍යාගයට ෆින්ගර්ටිප් ඔක්සිමීටර, අධෝරක්ත නළල උෂ්ණත්වමාන, ධනාත්මක වායු පීඩනය, ඔක්සිජන් සාන්ද්‍රක සහ සම්පීඩක නෙබියුලයිසර් යනාදිය ඇතුළත් විය.

තුර්කි ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන සේවය සහ අස්යා නක්ලියාට් හි සහය ඇතිව මෙම වෛද්‍ය උපකරණ තොගය මෙරටට එවීම සඳහා පහසුකම් සලසන ලදි.

තුර්කියේ සිටින නිර්වේතනික කොන්සල්වරුන් සහ ශ්‍රී ලාංකිකයන් පිරිනැමූ මෙම පරිත්‍යාගය පිළිබඳව අදහස් දැක්වූ තානාපති එම්.ආර්. හසන් මැතිතුමා ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ එක්ව ඔවුන්ගේ පරිශ්‍රමය සහ සහයෝගිතාවය අගය කළේ ය.


ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා


2022 ජනවාරි 03 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Ozzy Osbourne (Prince of Darkness)” අන්ධකාරයට ආවඬයි!

සටහන – පුලී ජූලි 22, කොළඹ (LNW): Black Sabbath හි ගායක...

ඩිජිටල්කරණයෙහි නවමු මංපෙතක් විවර කරන “Super App” පද්ධතිය!

සටහන – පුලී ජූලි 22, කොළඹ (LNW): ඩිජිටල්කරණයෙහි ප්‍රධාන පියවරක්...

වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතන සිද්ධියට අදාළව තවත් පොලිස් නිලධාරියෙක් CID අත්අඩංගුවට!

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයට පෙර 2018 වසරේ නොවැම්බර් මාසයේ 30...