අන්කාරා හි වෙසෙන නිර්වේතනික කොන්සල්වරුන් සහ ශ්‍රී ලාංකිකයන් විසින් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Date:

ශ්‍රී ලංකා රජයේ පරිශ්‍රමයට සහය වීම සඳහා අන්කාරා හි වෙසෙන නිර්වේතනික කොන්සල්වරුන් සහ ශ්‍රී ලාංකිකයන් විසින් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ

දූත මණ්ඩලය යොමු කළ ඉල්ලීමකට අනුව කොවිඩ්-19 වසංගතය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් තුළ භාවිතා කළ හැකි වෛද්‍ය උපකරණ තොගයක් තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ එර්සුරුම්, ඇලන්යා, බර්සා සහ ඉස්තාන්බුල් යන නගරවල සිටින නිර්වේතනික කොන්සල්වරුන් විසින් පරිත්‍යාග කරන ලදි.

ශ්‍රී ලංකා රජයේ දැවැන්ත ප්‍රයත්නයන්ට සහය වීම සඳහා පිරිනමන ලද මෙම පරිත්‍යාගයට ෆින්ගර්ටිප් ඔක්සිමීටර, අධෝරක්ත නළල උෂ්ණත්වමාන, ධනාත්මක වායු පීඩනය, ඔක්සිජන් සාන්ද්‍රක සහ සම්පීඩක නෙබියුලයිසර් යනාදිය ඇතුළත් විය.

තුර්කි ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන සේවය සහ අස්යා නක්ලියාට් හි සහය ඇතිව මෙම වෛද්‍ය උපකරණ තොගය මෙරටට එවීම සඳහා පහසුකම් සලසන ලදි.

තුර්කියේ සිටින නිර්වේතනික කොන්සල්වරුන් සහ ශ්‍රී ලාංකිකයන් පිරිනැමූ මෙම පරිත්‍යාගය පිළිබඳව අදහස් දැක්වූ තානාපති එම්.ආර්. හසන් මැතිතුමා ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ එක්ව ඔවුන්ගේ පරිශ්‍රමය සහ සහයෝගිතාවය අගය කළේ ය.


ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා


2022 ජනවාරි 03 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...