ජේ. ආර්. ද්‍රෝහියෙක්ද ?

යැපුම් ආර්ථිකේ ප්‍රමෝට් කරපු ඩී.ඇස්. ගෙ ගොවිජනපදකරණයේ සිට සිරිමගෙ අල බතල සමාජවාදය දක්වා වූ දූපත් ආර්ථික දර්ශනයන් නිසා අසාධ්‍ය වෙලා තිබ්බ ලංකාවේ ජාතික ආර්ථිකය ලෝක ආර්ථික ක්‍රියාවලියක් සමග බද්ධ කරේ ජේ.ආර්. …

එදා ජේ. ආර්ට හැදුන ලොකුම චෝදනාව බල්ලො මරල හරි සල්ලි හොයන පාදඩ සමාජයක් හැදුව කියන එක. සල්ලි නැතිව පාන්ඩුව හැදිලා තිබ්බ රටකට එකපාරටම සල්ලි වැටෙන්න ගත්තම කොහොමත් එහෙම එකක් හැදෙන එක සාමාන්‍ය තත්වයක් මිසක් ඒක ජේ.ආර්. ගෙදරින් ගෙනාපු එකක් නෙමේ.. අනිත් එක වෙළදපොල ආර්ථිකය එන්න කලින් සුසමාදර්ශී සමාජයක් මේකෙ තිබ්බද?

විවෘත ආර්ථිකේ නිසා රට විනාශ උනා කියන කතාවත් සුද්දා එන්ට කලින් ලංකාව මාරම පරමාදර්ශී රාජ්‍යයක් විදියට තිබ්බ කියන එකේම අනිත් මිත්‍යාව..

ජේ. ආර් ලංකාවට හඳුවාදීපු වෙළදපොල ආර්තිකයට අපේක්ෂිත ප්‍රතිපලවලට යන්ට බැරි උනේ ඒකට එරෙහිව බිමෙන් ආපු මහා ප්‍රතිවිරෝධය නිසා.. 88 – 89 කැරැල්ල මතු උනේම වෙළදපොල ආර්ථිකයට එරෙහිවයි, වක්‍රව ගත්තොත් උතුරෙ යුද්දෙත් එහෙමයි.

ගෝලීය සන්දර්භයක් තුල නොදියුණු රටක් ඇතුලෙ ක්‍රියාත්මක වෙන වෙළදපොල ආර්ථිකයකට අවශ්‍ය ප්‍රධානම රිසෝසස් ගේන්නෙ විදෙස් ආයෝජකයන් විසින්.. නමුත් වෙළදපොල ආර්ථිකයකට එරෙහි මහජන යුද්ධයක් තියෙන රටකට ආයෝජකයො එන්නෙ නෑ..

එදා ජේ.ආර්ව පොදු වෛරයකට පාත්‍රවෙන්ට බලපාපු අනික් හේතුව ඔහුගේ ඇමරිකන් හා බටහිර හිතවාදීකම… එදා ඔහුව හැඳින්නුවෙත් යැංකි ඩිකී කියලා..

එදා ඒ හැසිරීමේ හිටපු ජ.වි.පෙ. නූතන පරම්පරාවම ට්‍රම්ප් එක්ක ෆොටෝ එකක් ගැහුව කියල පෙන්නන්ට, ට්‍රම්ප් එක්ක පුහද සාකච්චාවක් කරා කියලා රටට පෙන්න ගන්ට මාරම ට්‍රයි එකක් දෙනවා.. එතකොට එදා ඒ ජේ.ආර්.ට එරෙහි නොසංසිඳෙන වෛරයේ තිබ්බෙ බාල කුහකකම විතරමද?

ඊයෙ පෙරේදා දවසක ලාල් සහෝදරයා කිව්වා බී ලූනු පිටින් ගෙන්වන එක ලාබයි, රට ඇතුලේ හදන එක පාඩුයි කියලා.. ඔහු වටෙන් වටෙන් කියන්නෙ රටට ඕන ලූනු පිටින් ගෙන්වලා, ඒකට අවශ්‍ය විනිමය හොයන්ට වෙන වෙළදපොල ක්‍රියාවලියකට අපි යන්න ඕන කියන එක… ඉතිං ඒක තමා වෙළදපොල ආර්ථිකය කියන්නෙ..

හැටදාහක් මැරුන අරගලයක් කරලා, ඊළඟට රටට එන ආයෝජකයො නවත්තන්ට බෝඩ් උස්සලා, ගොවියන්ට අඹුඩ ගස්සලා කොළඹට එවලා, ආපහු කැරකිලා කැරකිලා වටේ ගිහින් අවුරුදු පනහකට විතර පස්සෙ ජේ. ආර්.ගේ තැනටම ආපහු අපිට එන්ට වෙලා..

කොහොමත් යථාර්ථය ඇවිත් මූනෙ හැප්පුනත් ඒක රියලයිස් වෙන්ට අපිට අඩුම අවුරුදු පනහක්වත් යනවා ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...