ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය තුන් ගුණයකින් වැඩිවෙලාද? සමාජ මාධ්‍ය හරහා යන කතාවේ ඇත්ත නැත්ත…

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW :

සමාජ මාධ්‍ය හරහා පළවන පුවතක් සම්බන්ධව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

ඒ, 2026 වසර සඳහා වූ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය තුන් ගුණයකින් ඉහළ දමා ඇතැයි යන වැරදි සහගත තොරතුරක් මඟින් සමාජය නොමග යැවීමට ඇතැමුන් උත්සහ කර ඇති බවයි.

කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ඒ පිළිබදව පැවසූවේ,

“ඒ සන්සන්දනය කිරීම ඉතාමත් වැරදියි. ඔවුන් කියනවා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය තුන්ගුණයකින් වැඩි කරලා කියලා. ඇත්තටම ඔවුන් ඒ ගණනය කිරීම සඳහා යොදා ගෙන තිබූ තොරතුරු වැරදියි. 2025 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී ඔවුන් පෙන්වලා තියෙන්නේ මිලියන 2,900ක්. ඒ මිලියන 2,900 කියන්නේ 2025 වර්ෂයේදී අයවැය යෝජනාවලින් ඇතුළත් වෙන්න ඕනේ සංඛ්‍යා නැතිව. ඒක තමයි කෙටුම්පත විදිහට ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ 2025 වැය ශීර්ෂය බවට පත්වන්නේ ඉන් පසුව විශේෂයෙන්ම අපි ඇතුළත් කරන කාරණා දෙකක් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සිද්ධ කරන  ක්ලීන් ශී ලංකා ව්‍යාපෘතියට වෙන් කරන මිලියන 5,050කුත්, පර්යේෂණ හා වානිජකරණයට සඳහා වූ ඒ පර්යේෂණ සඳහා වූ මිලියන 1,000කුත් සමග. ඒ අනුව 2025 වර්ෂයේ නිවැරදි වෙන් කිරීම බවට පත්වෙන්නේ රුපියල් මිලියන 9,000ක් එතකොට මෙම සංසන්ධනය සඳහා ඉදිරිපත් කරන 11.37%ක් කියලා.

මේ 11.37% ඇතුළේ අන්තර්ගත වෙනවා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට යන මුදලත්, මේ පර්යේෂණ සඳහා යන මුදලත්. ඒ නිසා ඒ සංසන්ධනය කිරීමට යන පළමු කාරණයම තාක්ෂණිකව වැරදියි. මේ වැරැද්ද නිසා තමයි නොමග යන ප්‍රවෘත්තිය හදලා තියෙන්නේ. ඒ හැර අපි ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය ඇතුළේ අපි ඉතාම කළමනාකරණය කරලා අදාළ උචිත පරිදි තමයි වෙන් කරලා තියෙන්නේ.”  යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...