විමල් නොදන්න සිරස දන්න පොලීසියේ කැඳවීම ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට හෙට (06) පෙරවරු 10.00 ට තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවට පුවතක් සිරස රූපවාහිනී නාලිකාව විසින් ඊයේ (04) විකාශය කර තිබිණි.

බෙලිඅත්තේ සනා නමැති පාතාල ක්‍රියාකාරිකයා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් පිළිබඳ කරුණු විමසීම සඳහා මෙසේ වීරවංශ මහතාට තංගල්ල පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි සිරස රූපවාහිනී නාලිකාව එහිදී සඳහන් කර තිබුණේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විමල් වීරවංශ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ තමන්ට එවන් දැනුම් දීමක් ලැබී නොමැති බවත් පොලීසිය තමන්ට එවැනි කිසිවක් දැනුම් දී නොමැති බවත් ය.

මේ අතර විමල් වීරවංශ මහතාව වහාම අත් අඩංගුවට ගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පෙරේදා දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...