තවත් කමිටු ඕනේ නෑ. ගුරු සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්න – විපක්ෂ නායක

Date:

කොළඹ LNW:ගුරු සංවර්ධන නිලධාරීන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට 2.2 ශ්‍රේණියේ අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස අන්තර්ග්‍රහණය කිරීම සඳහා සමථකරණ තීන්දුවක් ලැබී ඇතත් එය ක්‍රියාත්මක නොකරන තැනට පත්ව තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාසල් පද්ධතියේ ගුරු හිඟයට විසඳුමක් ලෙස 16600ක් ගුරු සංවර්ධන නිලධාරීන් විශිෂ්ට සේවාවක් ඉටු කළ බවත් ඒ අයට ලබා දිය යුතු විසදුම ගැන අධිකරණය තුළ සමථකරණ තීන්දුවක් ලැබී ඇති බවත් හෙතෙම කියාසිටියේය.

එම තීන්දුව අනුව වසර 3ක් තුළ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ක්‍රියාත්මක කරන තුරු 2.2 ශ්‍රේණියේ අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ හැකියාව ඇති නමුත් එය ක්‍රියාත්මක නොකරන බව පැවසූ විපක්ෂ නායකයා තවදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය, මහමැතිවරණය, පළාත් පාලන මැතිවරණයෙන් පසු ඔවුන් කොන් කිරීම, අමතක කිරීම අනුමත කළ නොහැකි බවයි.

ඒ අනුව මෙම ගැටළුව කඩිනමින් විසඳිය යුතු අතර තවදුරටත් ඊට කමිටු අවශ්‍ය නැති බවද ඔහු අවධාරණය කරන ලදී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් දක්වා සිටියේ අද (09) ඉසුරුපාය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වන ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට එම ස්ථානයට ගිය අවස්ථාවේදීය.

ආශිකා බ්‍රහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...