බැංකු හරහා මුදල් එවන විදෙස්ගත ශ්‍රමිකයින්ට වැඩි ප්‍රතිලාභ දෙන්න සාකච්ඡාවක් (Photos)

Date:

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවීමේදී ඔවුන්ට වැඩි ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා රජයේ සහ පුද්ගලික බැංකුවල ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

බැංකු ක්‍රමය හරහා මුදල් එවීමේදී දැනට ලබාදෙන ප්‍රතිලාභවලට අමතර ප්‍රතිලාභ ලබාදෙන ලෙසට අමාත්‍යවරයා එහිදී ඉල්ලා ඇති අතර එයට සුභවාදී ප්‍රතිචාරයක් බැංකු නියෝජිතයින්ගෙන් ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයින්ට අඩු පොලීයක් යටතේ නිවාස ණය ලබාදිම පිළිබදව මෙහිදී වැඩි අවධානයක් යොමු කරනු ලැබ ඇත.

ජනමාධ්‍ය සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගී වී ඇති අතර ඔහුගේ යෝජනාවන්ද බැංකු නියෝජිතයින් වෙත ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...