විදෙස් ප්‍රේෂණ වල කැපී පෙනෙන ඉහළ යාමක්!

0
175

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW :

මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන ආකාරයට, 2025 වසරේ සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 695.7ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බවයි.

2024 වසරේ සැප්තැම්බර් මාසයේදී ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 555.6ක් බවත්, 2025 වසරේ සැප්තැම්බර් මාසයේදී ගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 140.1ක ඉහළ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බවත්, එම වාර්තාවේ සඳහන්ව ඇත.

තවද, 2025 වසරේ ජනවාරි පළමු වැනිදා සිට මේ දක්වා විදෙස් ප්‍රේෂණ තුළින් මෙරටට ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 5,811.7ක් බවද මහ බැංකුව පවසයි. එය ගිය වසරේ එම කාලයට තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 4,843.8ක් වන අතර ඒ අනුව මෙම වසරේ එම කාලය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 967.9ක් ලෙස වර්ධනය වී ඇති බව වාර්තාවේ සඳහන් වේ.

සැප්තැම්බර් මාසයේ සංචාරක ආදායම ලෙස ඩොලර් මිලියන 182.9ක් උපයා ගෙන ඇතැයිද එම වාර්තාවේ සඳහන්ව ඇති අතර,මහ බැංකු වාර්තාවේ තවදුරටත් සඳහන් ව ඇත්තේ, සංචාරක ආදායම ලෙස වසරේ පළමු වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 738.4ක් උපයාගෙන ඇති බවයි.