නිලක්ෂිකාගෙන් තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය

0
176

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 15,  කොළඹ LNW:

ක්‍රියාත්මක කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තරගයේ තීරණය වැස්සට සේදි මැකී ගියත් නිලක්ෂිකා ද සිල්වා නවසීලන්ත පන්දු යවන්නියන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් මෙවර තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළාය.පන්දු 26 දී වාර්තා වූ නිලක්ෂිකාගේ අර්ධ ශතකය ඇය මුහුණ දුන් 51 වන තරගයේදී,ඇයගේ සිව්වන අර්ධ ශතකය ලෙස වාර්තා විය.එම තරගයේදී ම සිය 1000 වන එක්දින ලකුණු වාර්තා කරමින් සිය ඉණිම ඇරඹූ නිලක්ෂිකා ශ්‍රී ලංකා ඉණිම කඩුලු 6 ට ලකුණු 258 ක් දක්වා ඔසවා තබමින් නොදැවි ලකුණු 55 ක් ලබා ගත්තේ පන්දු 28 දී ය.


මෙවර තරගාවලියේ ආරම්භයට සහය වීම සඳහා ඊයේ පළමු වරට විශ්මි ගුණරත්න කැඳවා තිබුණාය.ඉතා මන්දගාමී වුව ද ඇය චමරිට දුන් සහයත් සමඟ පළමු කඩුල්ලට ලකුණු 101 ක සබඳතාවයක් ඇති විය.විහේෂයෙන් නවසීලන්තයේ පන්දු රැකිම පහත වැටී තිබුණ බවක් මෙන්ම දැවී යාම් සහ දවා ගන්නට තිබුණ අවස්ථා කිහිපයක්මත් ඔවුන්ට මඟ හැරීමත් දකින්නට ලැබිණ.පළමු කඩුල්ලට ලකුණු 101 ක් එක්ව තිබියදී චමරි ලකුණු 53 ට දැවී ගිය අතර ඉන් පසුව විශ්මි ලකුණු 42 ට දැවී ගියාය.යළිත් හර්ෂිතා සමරවික්‍රම (26) සමඟ හසිනි පෙරේරා (44) තෙවන කඩුල්ලට ලකුණු 58 ක සබඳතාවයක් ඇති කරන්නට සමත් විය.


ඉනික්බිතිව ඉතා විනාඩි 35 ක් වැනි වූ කෙටි කාලයක් තුළ තරගය නිලක්ෂිකා සහ නවසීලන්තය අතර සටනක් බවට පෙරළා ගත් නිලක්ෂිකා හතරේ පහර 7 න් සහ එක් හයේ පහරකින් යුතු වු ඇයගේ ප්‍රහාරය දියත් කළාය.ඒ නිසා ශ්‍රී ලංකාවට යම් කිසි මට්ටමකින් අභියෝගයක් කරමින් ජයගත හැකි ලකුණු පූවරුවක් නිර්මාණය වී තිබියදී නවසීලන්ත ඉණිම අරඹන්නට පෙර වැටුණු වර්ෂාව නිසා තරගය අත හැර දමන්නට සිඳු විය.කඩා හැළුණු වර්ෂාව වරක් නිමා වී තරගය ආරම්භ කිරීමට හැකි බවටත්,එය පන්දු වාර 30 ක ඉලක්කයක් ලෙස ලැබෙනු ඇති බවටත් තොරතුරු වාර්තා වෙද්දීම දෙවැනි වැහි ඇල්ල පළමු වාරයටත් වඩා තදින් පොළවට කඩා වැටුණේ තරගාය් තීරණයක් අපේක්ෂාවෙන් සිටි කණ්ඩායම් දෙකේම බලාපොරොත්තු සුන් කරමින්ය.


නවසීලන්ත නායිකා සොෆි ඩිවයින් ශ්‍රී ලංකාවේ පන්දුවට පහරදීම අගය කරමින් කතා කළා.වර්සාව ගැන ඇය කළකිරීමෙන් කතා කරමින් පැවසුවේ එම ලකුණු පූවරුව අභිබවා යාමට තමන්ගේ කණ්ඩායමට උත්සාහ කළ හැකිව තිබූ බවය.
චමරි මන්දගාමී බව ගැන සෘජුව නොකීවද,ලකුණු යම් ප්‍රමාණයක් තමන්ට මග හැරුණු බව තරගයෙන් පසුව පැවසුවාය.කෙසේ නමුත් ලැබූ ලකුණු ප්‍රමාණය රැක ගැනීමට සිය කණ්ඩායමට සැළසුමක් තිබුණ බවද ඇයගේ අදහස් තුළ ගැබ්ව තිබිණ.තරග දෙකක්ම ලකුණු 1 බැඟින් ලබා නැවතෙන්නට වීම නිසා ඉතිරි තරග 3 ම ජය ගැනීමේ උවමනාවෙන් සිටින ශ්‍රී ලංකාවට එම තරග තුනේදී වර්ෂාව බාධාවක් නොවනු ඇති බවට චමරි විහ්වාසයද පළ කළාය.
තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන්න.
https://bit.ly/3LbApEr