රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඩකා හි මීර්පූර් ප්‍රදේශයේ මහල් හතරකින් යුත් ඇඟලුම් කම්හලක ඇති වූ ගින්නකින් 16 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්නෙන් 16 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් පිළිස්සුම් තුවාල ලබා ඇති බව ද සඳහන් වේ. බංග්ලාදේශ ගිනි නිවන සේවය පැවසුවේ, මේ වනවිට මියගිය අයගේ සිරුරු 16 ක් සොයාගෙන ඇති අතර ඒවා හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බවයි. ඊයේ (14) මධ්‍යම රාත්‍රීයේ කර්මාන්ත ශාලාවේ ඇති වූ ගින්න පැය තුනකට පසු නිවා දැමීමට සමත්ව තිබුණි.

