නෙස්ලේ සමාගම රැකියා 16,000ක් කපා හැරීමට සැරසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නෙස්ලේ සමාගම විසින් ඉදිරි වසර දෙක තුළ රැකියා 16,000 ක් කපා හරින බව එහි නව ප්‍රධාන විධායක නිලධාරී පිලිප් නව්‍රැටිල් සඳහන් කර තිබේ.

මෙම රැකියා කප්පාදුවට සුදු කරපටි වෘත්තිකයන් 12,000 ක් සහ එහි නිෂ්පාදන සහ සැපයුම් දාමයේ 4,000 ක් ඇතුළත් වන අතර නෙස්ලේ හි ගෝලීය ශ්‍රම බලකායෙන් 6% කට ආසන්න ප්‍රමාණයකට මෙහිදී රැකියා අහිමි වේ.

පිරිවැය ඉතිරිකිරීමේ සැලැස්මක් යටතේ මෙම රැකියා කප්පාදුව සම්බන්ධයෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී පිලිප් නව්‍රැටිල් සඳහන් කර තිබුණේ, ලෝකය වෙනස් වෙමින් පවතින අතර නෙස්ලේ වේගයෙන් වෙනස් විය යුතු බවත්, ඉදිරි වසර දෙක තුළ සේවකයින් සංඛ්‍යාව අඩු කිරීම සඳහා දැඩි නමුත් අවශ්‍ය තීරණ ගැනීම මෙයට ඇතුළත් වන බවත්, අපි මෙය ගෞරවයෙන් හා විනිවිදභාවයෙන් කිරීමට සුදානම් බවත්ය.

හේගන්-ඩාස් අයිස්ක්‍රීම්, නෙස්ප්‍රෙසෝ කෝපි කැප්සියුල සහ පූරිනා බළල් ආහාර ඇතුළු පාරිභෝගික භාණ්ඩ සන්නාම කට්ටලයක් හිමි නෙස්ලේ සමාගම, 2027 වන විට ඩොලර් බිලියන 2.5 ක පෙර ඉලක්කයට වඩා ඩොලර් බිලියන 3 ක (පවුම් බිලියන 2.8) ඉතිරියක් ලබා ගැනීමට උත්සාහ කරන බව කියැවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...