වසරේ බදු ආදායම් ඉල්කකයෙන් 75%ක් සපුරා අවසන් – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

කොළඹ LNW: පසුගිය 30 වනදා වන විට අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 102 ක් සපුරා ගැනීමට හැකි වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධිපිළිබද කාරක සභාවේදී මේ බව අනාවරණය වූ අතර ගෙවුණු මාස 09ක කාලය තුළ අපේක්ෂිත බදු ආදායම රුපියල් මිලියන දහසය ලක්ෂ දහ දහස් පන්සිය අනූ නවයක් බව දැක්වෙයි.

ඒ අනුව රුපියල් මිලියන දහසය ලක්ෂ හතලිස් එක් දහස් නවසිය අනූ හතක් උපයාගෙන ඇති බව සඳහන්.

එය 102% ක ප්‍රතිශතයක් වන අතර මෙම වසරේ සමස්ත බදු ආදායම් ඉලක්කයෙන් 75% ක් දැනටමත් උපයාගෙන අවසන් බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...