කතරගම වැඩබලන බස්නායක නිලමේගෙන් පුදනකොටම කාපි යකා ගේමක් ?

Date:

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම සමූහ ව්‍යාපාරයට ලබාගත් අක්කර 550ක ඉඩමක් යළි දේවාලය වෙත පවරාගැනීම වළක්වාලමින් ගංගොඩවිල දිසා අධිකරණය විසින් නිකුත් කර තිබුණු අතුරු තහනම් නියෝගය පසුගිය අගෝස්තු 01 වනදා එම අධිකරණය විසින් විසුරුවා හැර තිබිණි.

මීට කලකට පෙර දැදිගම සමූහ ව්‍යාපාරය විසින් බුත්තල, වගුරුවෙල ප්‍රදේශයේ පිහිටි කතරගම දේවාලයට අයත් අක්කර 550ක ඉඩමක් බදු පදනම මත ලබාගෙන තිබූ අතර ඔවුන් දේවාලයට වාර්ෂිකව ගෙවිය යුතු බදු මුදල රුපියල් මිලියන 5.4 කි. එහෙත් දැදිගම සමූහ ව්‍යාපාරය නීතිවිරෝධී ලෙස එම ඉඩම කෙසෙල් වගාව සඳහා ඩෝල් ලංකා සමාගමට අතුරු බදු දී වාර්ෂිකව රුපියල් මිලියන 10.4ක ඉහළ ආදායමක් ලබාගෙන ඇති අතර එසේ තිබියදීත් ඔවුන් කතරගම දේවාලයට ගෙවිය යුතු වාර්ෂික බදු මුදල ද ගෙවීම පැහැර හැර තිබියදී හිටපු බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් මෙම ඉඩම යළි කතරගම දේවාලය වෙත පවරාගැනීමට කටයුතු කරද්දී ඉහත කී නඩු කටයුත්ත දැදිගම සමූහ ව්‍යාපාරය විසින් ගොනුකර තිබිණි.

ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමෙන් අනතුරුව අදාළ ඉඩම යළි කතරගම දේවාලය වෙත පවරා ගැනීමට අදාළ කටයුතු සිදුවෙමින් තිබිණි.

එසේ තිබියදී එම අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට එරෙහිව දැදිගම සමූහ ව්‍යාපාරය අභියාචනයක් ගොනුකර ඇති අතර කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ වශයෙන් අලුතින් පත්ව සිටින තිලින මධුශංක මහතා රංජන් දැදිගම යනු තමන් හොඳින් දන්නා හඳුනන අයකු බැවින් මෙම නඩුව සමථයකට පත්කර ගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණයට දැනුම් දෙන්නැයි කතරගම දේවාලය වෙනුවෙන් නඩුවට පෙනී සිටින ජ්‍යේෂ්ඨ නීතීඥ චන්දිම මුතුකුමාරණ මහතාට පවසා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙහිදී කතරගම දේවාලය වෙනුවෙන් නඩුවට පෙනී සිටින ජ්‍යේෂ්ඨ නීතීඥ චන්දිම මුතුකුමාරණ මහතා මීට දැඩි ලෙස විරෝධය පළකර ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

තිලින මධුශංක මහතාව කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේවරයා වශයෙන් පත්කෙරුණේ පසුගිය සැප්තැම්බර් 23 වනදා ය. ඒ අනුව ඔහු මේ සිදුකර ඇත්තේ තමන්ව මෙම තනතුරට පත්කළ වත්මන් ආණ්ඩුව දැඩි ලෙස අපහසුතාවකට පත්කිරීමක් බව ඉතා පැහැදිලිය.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...