ජුලි 5 – 12 අතර අරඹන අලුත් ගමනින් ගෑස් ප්‍රශ්නය 100%ක්ම අවසන් කරනවා – ලිට්‍රෝ සභාපති

Date:

ශ්‍රී ලංකාවේ ගෑස් අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජුලි 5 – 12 අතර පැමිණීමට නියමිත ගෑස් නෞකා දෙකත් සමග ආරම්භ වන අලුත් ගමන ඔස්සේ මෙරට ගෑස් පෝලිම් 100%ක්ම අවසන් කිරීමට හැකියැයි තමන්ට විශ්වාස බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ප්‍රශ්නය – ජුලි 5 – 12 අතර ඔබ සඳහන් කරන ඔය නැව් දෙකෙන් පටන් ගන්න අලුත් ගමන හරහා මේ තියෙන ගෑස් ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබෙයි කියලා ඔබ විශ්වාස කරනවාද ?

“100%ක්ම ඔව්. මම හිතනවා හිඟයකින් තොරව ගෑස් ලැබෙයි කියලා. මම ඒක දෙපැත්තට හිතන්නෙ නෑ. මම හිතන්නෙ මම මේ කරන වැඩේ 100%ක්ම හරියනවා. මම මේක බාරගත්තෙ මේකෙ අමාරුව දැනගෙන සහ මේක කරන්න පුළුවන් කියන විශ්වාසය තිබ්බ නිසා. මේක කවුරුත් බාරගන්නෙ නැති අවස්ථාවක මම මේක බාරගත්තෙ. කාටවත් බාරගන්නත් බෑ, කවුරුත් බාරගන්න හිටියෙත් නැති අවස්ථාවක තමයි රටේ නායකයො දෙන්නාම මට කතා කරලා කිව්වෙ මේක බාරගන්න කියලා. ඉතින් මම හිතනවා අපට මේක 100%ක් විසඳන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි, ජුලි 10 – 15 අතර ගෑස් ටොන් 25000ක් ආවාට පස්සේ ඒ ටොන් 25000 ඉවර වෙනකොට ඒ වෙනුවට තව ටොන් 20000 – 25000ක් එනවා මාලදිවයින් මුහුදට. අර හිස් එක යනවා ඕමානය බලා. එතකොට ආයෙ ඒක පුරවාගෙන එනවා. ඉතින් ටොන් ලක්ෂයක් යනකල්ම – ටොන් ලක්ෂයක් කියලා කියන්නෙ සාමාන්‍යයෙන් මාස 4ක විතර ධාරිතාවක් – ලංකාවේ ප්‍රශ්නෙ විසඳෙනවා. දවස් 25ක් යනකොට අපට දවසට 80000 ගාණෙ දෙන්න පුළුවන් වුණොත් ලංකාවේ මේ දකින පෝලිම් ඔක්කොම ප්‍රශ්න විසඳිලා මිනිස්සුන්ට සැනසුම් සුසුම් හෙළන්න පුළුවන් වෙයි. හරියට තාක්ෂණිකව බැලුවොත් දවස් 47ක් විතර යනවා ඔය කියන සිලින්ඩර් ලක්ෂ 40 ම දෙන්න. එච්චර නෑ, අපි මිලියන 3ක් තුනහමාරක් දෙනකොට ඉතාම විශාල වෙනසක් රටේ ගෑස් අර්බුදයට අදාළව දැකගන්න හම්බුවෙයි සහ අපට ඒක විසඳන්න පුළුවන් වෙයි”

මුදිත පීරිස් මහතා මේ බව පැවසුවේ ඊයේ (25) දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...

මෝල්ඩෝවා සිට මෙරටට එන අමුත්තා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW : අනිද්දා(27)දින ශීත...

Chris Rea ගේ අමරණීය චරිතාපදානය! A life in pictures 

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ඇස් නිලංකාර වන සමාජ...